×

ඇමරිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – සැකය රුසියාව වෙතට !

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ වාණිජ දෙපාර්තමේන්තු ඇතුළු වැදගත් ආයතන ගණනාවක් බරපතළ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති අතර, සැක කෙරෙන්නේ එම සංවිධානාත්මක ප්‍රහාරය රුසියාවෙන් එල්ල වූ එකක් බවයි.


මෙය ඇමරිකානු ආණ්ඩුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ඉලක්ක කරගත් ‘හැකින් කැම්පේන්‘ එකක් බව ද ඔවුහු පෙන්වා දෙති.

එමගින් ආණ්ඩුවට, තීරණාත්මක යටිතල පහසුකම්වලට සහ පුද්ගලික අංශයට ද ‘බරපතළ අවදානමක්‘ (“grave risk) පවතින බව විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ 2020 මාර්තු මාසය වැනි කාලයක බව ද හෙළි වේ.

‘ඉවසිලිවන්ත හැකරු‘

ඒ අනුව මෙම හැකරුන් විසින් ‘ඉතා ඉවසිලිවන්ත ලෙස සහ සංකීර්ණ ලෙස ක්‍රියා කර ඇති බව‘ ද Cisa හෙවත් ඇමරිකානු සයිබර් ආරක්ෂණ අංශය US Cybersecurity and Infrastructure Security Agency (Cisa) පෙන්වා දෙයි.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් ද යන්න නිශ්චිතව Cisa සහ FBI විසින් නම් නොකරයි. නමුත් බොහෝ දෙනා සැක කරන්නේ එය රුසියාවෙන් එල්ල වන්නට ඇති බවයි.

මේ පිළිබඳ පරීක්ෂා කරන පුද්ගලික ආරක්ෂක අංශ සහ ඇමරිකානු මාධ්‍ය විසින් සැකයේ හස්තය දිගු කරන්නේ රුසියාව වෙතට ය.

කෙසේ නමුත්, මේ චෝදනා ‘පදනම් විරහිත‘ බව රුසියාව කියා සිටියි.

සයිබර් ප්‍රහාරයෙන් සිදුවූ හෝ සිදුවීමට නියමිත හෝ සිදුවීමට නියමිතව තිබී වළක්වාගත් හානිය ගැන ද කිසිවක් ප්‍රකාශ කිරීමෙන් ඇමරිකාව දැනට වැළකී සිටියි. ඔවුන් නැවත නැවතත් කියා සිටින්නේ මෙම සයිබර් ප්‍රහාරය තර්ජනාත්මක සහ සංකීර්ණ එකක් වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි