×

ඇමරිකාවට බලපාන තාප තරංග

ඇමරිකා එක්සත් ජනලදයේ උතුරු හා මධ්‍යම ප්‍රාන්ත අටක මිලියන නවයකට අධික ජනතාව වෙත සඳුදා දින සිට උෂ්ණත්වය වැඩිවීමේ අනතුරු ඇඟවීම් නිවේදනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු හා මධ්‍යම ප්‍රාන්ත අටක මිලියන නවයකට අධික ජනතාව වෙත සඳුදා දින සිට උෂ්ණත්වය වැඩිවීමේ අනතුරු ඇඟවීම් නිවේදනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

උෂ්ණත්වය ඉදිරියේදී වඩාත් ඉහළ යා හැකි බවට තොරතුරු වාර්තා කෙරේ. ඉදිරි සතිය තුළ රටේ බොහෝ ස්ථාන වල ෆැරන්හයිට් 100කට අධික උෂ්ණත්වයක් අපේක්ෂා කරනබව ජාතික කාළගුණික සේවය වාර්තා කරයි.

සෑම වසරකම අනෙකුත් කාළගුණික උපද්‍රවයන්ට වඩා උෂ්ණත්වය ඇමරිකානුවන් වැඩි ප්‍රමාණයකට බලපාන අතර එය ජීවිත හානි වීමට පවා බලපානු ලබයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් 1990 සිට 2019 දක්වා එක්සත් ජනපදයේ මියගිය සංඛ්‍යාව 138 ක් බව ජාතික කාළගුණික සේවය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

ඡායාරූප : CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි