×

ඇමරිකාවේ කොරෝනා මරණ ගණන 1000 ඉක්මවයි – ඩොලර් ට්‍රිලියන 2 ක හදිසි සහන පැකේජයක්

ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ ගණන 1050 ක් වශයෙන් සහ, තහවුරු කර ගත් රෝගීන් සංඛ්‍යාව 70,000 ක් ලෙස මේ වන විට වාර්තා වේ.


ඇමරිකාවේ වැඩිපුරම රෝගයෙන් විපතට පත් ජනපදය බවට පත්වී තිබෙන්නේ නිව්යෝක් ජනපදයයි. නිව්යෝක් හි ජනතාව මත පනවා ඇති සීමාවන් නිසා ඔවුන් සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශවීම සෑහෙන පමණින් අඩු වී ඇති බවට චෝදනාවක් පවතියි.

මේ අතර වසංගතය සමග සටන් කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන 2 ක හදිසි සහන පැකේජයක් සඳහා වූ කෙටුම්පත ඇමරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කෙරිණි.

Cover Photo: Al Jazeera



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි