×

ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 16 පසුකරයි – හෙට සිට ෆයිසර් එන්නත ලබා දීමට අනුමැතිය

මේ වන විට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 16 පසුකර ගෙන ගොස් තිබෙන අතර මරණ 297,818 පමණ සිදුව ඇති බව දැක්වෙයි.


ඊයේ දිනය තුළ පමණක් ප්‍රාන්ත 50 තුළින්ම නව ආසාදිතයින් 219,510ක් පමණ වාර්තා වී තිබෙන අතර මරණ 3,309ක් සිදුව තිබෙන බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ.

මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙසද මෙය දක්වා ඇත.

මෙම දරුණු පසුබිම තුළ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත වෛරසය ආසදිතයින්ට ලබා දීමට ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ උපදේශක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව පළමු එන්නත් මිලියන තුන ප්‍රාන්ත 50 තුළම මෙම සති අන්තයේ බෙදා හැර තිබෙන බවද සඳහන්.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙම එන්නත 95%ක් ඵලදායී බව ඇමරිකාවද සිය පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබේ.

කෙසේවෙතත් ගෙවුණු නොවැම්බරයේ සිට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ඉතා වේගවත් වී ඇති බවත් ගෙවුණු දින 4 තුළ නව ආසාදිතයින් මිලියනය පසුකර තිබෙන බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

මෙම පසුබිම මත ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත ලබා දීමට එරට රෝග පාලන හා නිවාරණ උපදේශක කමිටුව තීරණය කිරීම ඇමරිකානුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.

-ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි