×

ඇමරිකාවේ ගුවන් යානයක එන්ජිමක් අහසේදී පුපුරා යයි – 241 දෙනෙකුගේ දිවි යන්තමින් ගැලවේ

ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් ගුවන් තොටුපළෙන් අද දහවල් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගත කරන අතර තුර ඉහල අහසේදී එන්ජිමක් පුපුරා ගොස් තිබේ.


යුනයිටඩ් ගුවන් සේවයට අයත් අංක 328 දරන මෙම යානයේ ඒ අවස්ථාව වන විට මගීන් 231 ක් හා කාර්ය මණ්ඩලයේ හා දෙනෙකු ගමන් කරමින් සිටියහ.

ගුවන් යානයේ මගීන්හට මහා හඬ නංවමින් එන්ජිම පුපුරා යනු ඇසී ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් භීතියෙන් තැතිගෙන තිබේ.

ඒ සමගම ගුවන් යානය පද්දෙන්න්නට පටන් ගෙන ඇති අතර එක්වරම පහලට යන්නට පටන් ගෙන ඇත.

පසුව ගුවන් නියමුවන් අනෙක් එන්ජිමේ ආධාරයෙන් ගුවන් යානය යලිත් වරක් ඩෙන්වර් ගුවන් තොටුපලට නිරුපද්‍රිතව ගොඩ බස්වන්නට සමත්වී තිබේ.

කිසිදු මගියෙකුට මෙහිදී අනතුරක් සිදුව නොමැත. ගුවන් යානයේ දකුණු පස එන්ජිම මෙසේ පුපුරා ගොස් ඇත.

ගුවන් යානයේ එන්ජිමේ දැවැන්ත යකඩ කැබලි නිවෙස් කීපයක් අසලට වැටී තිබේ.

ඒ අතර එන්ජිමේ කවරයද නිවසක වත්තට වැටී තිබේ.ගුවන් යානයේ එන්ජිම පුපුරා යන අකාරය හා ඒවා බිමට වටෙන් ආකාරයද ප්‍රදේශ වාසීන් දැක තිබේ.

channelnewslanka.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි