×

ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුටත් කොරෝනා:

ඇමරිකාවේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිව් හැවිරිදි මාලේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වේ. නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය පවසන්නේ අයෝවා හි ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කර ඇති බවයි.

නාඩියා, ඇගේ සොහොයුරිය අසුල් මෙන්ම අමුර් කොටින් දෙදෙනෙකු සහ අප්‍රිකානු සිංහයන් තිදෙනෙකු ට වියළි කැස්සක් ඇති වී ඇති අතර සියල්ලන්ම ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම බිළාල වර්ගයේ සතුන්ට වෛරසය වැළදී ඇත්තේ සත්වෝද්‍යාන පාලකයකුගෙන් බව සදහන් වේ.

කොටින් සහ සිංහයන් වැනි සතුන් තුළ වෛරසය වර්ධනය වන්නේ කෙසේදැයි නොදන්නා බැවින් විවිධ සත්ව විශේෂයන්ට නව ආසාදනවලට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දැක්විය හැකි නමුත් සියලු සතුන් සමීපව නිරීක්ෂණය කරනු ඇතැයි සත්වෝද්‍යානය පවසයි.

මෙම සතුන් කිහිපදෙනාට අමතරව සත්වෝද්‍යානයේ බිළාල වර්ගයට අයත් සතුන් වන හිම දිවියන්, තවත් ව්‍යාඝ්‍රයන් 4ක්, වලාකුළු වැනි පුල්ලි සහිත දිවියෙක් , චීටාවන් හා පූමාවන් යන කිසිදු සතෙකු රෝග ලක්ෂණ පෙන්වා නැත.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි