×

ඇමරිකාවේ වැඩිම කොරෝනා මරණ ගණන කළු ජාතිකයන්ගෙන්!

ඇමරිකාවේ ජනපදවලින් වාර්තා වන කොවිඩ්-19 මරණ අතරින් අති බහුතරය කළු ජාතිකයන්ගේ මරණ බව අලුත්ම වාර්තාවල දැක්වේ.


උදාහරණයක් ලෙස ලුසියානා ජනපදයේ සිදුව ඇති මරණවලින් 70%ක් කළු ජාතිකයන්ගේ හෙවත් අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ගේ ය.

මේ වන විට ලුසියානා ජනපදය ඇමරිකානු කොරෝනා වසංගතයේ හොට්ස්පොට් එක ලෙස සලකන ස්ථානයයි.

මේ අතර ඇල්බාමා ජනපදයෙන් ද වාර්තා වන්නේ අසාමාන්‍ය අනුපාතිකයකින් කළු ජාතිකයන් මරණයට පත් වෙමින් සිටින බවයි. ඇල්බාමා හි ජනගහනය සමන්විත වන්නේ සුදු ජාතිකයන් 20%කින් සහ කළු ජාතිකයන් 69%කිනි. නමුත් මේ වන විට සුදු ජාතිකයන් හා සමාන වේගයකින්ම කළු ජාතිකයන් ද මරණයට පත් වෙමින් තිබෙන්නේ වැඩි අනුපාතයක් වාර්තා කරමිනි.

ජෝර්ජියා ජනපදයේ මුළු ජනගහනයෙන් 33%ක් කළු ජාතිකයන් ය. ඔවුන් අතරින් 60%ක් මේ වන විට රෝගයට ගොදුරු වී තිබේ. මේ වන විට ජෝර්ජියා ජනපදයෙන් නිකුත් වන කොවිඩ්-19 දත්තවල ඔවුන්ගේ වාර්ගික පදනම අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ගැබ් කර ඇති අන්දම දැකගත හැකිය.

ඉදිරියේදී ටෙනසීස් ජනපදය ද සිය රෝගීන්ගේ වාර්ගික පදනම විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව තුළ තවමත් ඇති -නැති පරතරය සහ ආදායම් විෂමතාවය දැඩි ලෙස පවතින බවයි. මෙහිදී කළු ජාතිකයන් නොහොත් අප්‍රිකානු-ඇමරිකානුවන් ඌන වරප්‍රසාදිත තත්වයෙන් සිටින අතර, ඉහළ ප්‍රමිතියේ සෞඛ්‍ය සේවාවන්ට ඔවුන්ට ප්‍රවේශ වීමට ඇත්තේ සීමිත හැකියාවකි.

Cover Photo: The Converstion



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි