×

ඇමසන් වනය නැවතත් ගිනි ගනියි ! – බ්‍රසීල රජය නැහැ කියයි !!

ඇමසන් වනාන්තරය නැවතත් ගිනිගෙන ඇති අතර, ඒ බව බ්‍රසීල ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.


ස්කයි නිව්ස් පුවත් සේවය, ගිනිගෙන දැවෙන ඇමසන් වනයේ රූපරාමු පෙළක් විකාශය කිරීමත් සමග මේ බව හෙළිදරව් විය.

ස්කොට්ලන්තය තරම් භූමිභාගයක් මේ වන විට ගිනිගැනීමේ උවදුරට ලක්ව ඇති අතර, එම භූමියේ පිහිටා ඇති විශාල කඳු, කඳු වැටි මෙන්ම නිම්න ද දුම්වලින් පිරී ගොස් ඇති ආකාරය එහි දැක්වේ.

මේ අතර නවතම වාර්තා පෙන්වා දෙන්නේ ඇමසන් වනය තුළ පිහිටා තිබෙන ලෝකයේ විශාලතම තෙත් බිම වන ‘පැන්ටනාල්‘ ද ගිනි උවදුරෙන් පීඩා විඳිමින් තිබේ. පැන්ටනාල් පිහිටා තිබෙන්නේ බ්‍රසීලයේ දැවැන්ත තණබිම් සහ පැරගුවේ හි තෙත් වනාන්තර අතරට මැදිව ය.

මේ අනුව ලෝකයේ ජෛව විවිධත්වයෙන් අනූනම බිම්කඩක් මෙසේ ගිනි ගනිමින් තිබේ. පැන්ටනාල් තෙත්බිමේ පෘෂ්ටවංශී සතුන් (කොඳුඇට පෙළක් සහිත සතුන්) දළ වශයෙන් විශේෂ 1200 ක් සිටින අතර, එයින් විශේෂ 36 ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වුන් ය. වර්ග කිලෝමීටර 150,000 ක සරුසාර හරිත තෙත් බිමක් වූ මෙය, බ්‍රසීලයේ දුර්ලභතම පක්ෂීන් සහ ලෝකයේ වැඩිම ජගුවර ජනගහනයක් සහිත නිකේතනය ද වේ.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැන්ටනාල් හි විසූ ඇලිගේටයරයන්ට සමාන කයිමන් සත්වයෙකු ගිනි ගෙන දැවී සිටි ආකාරයයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි