×

ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) ඉන්දියාවෙන් ඉවත් වෙයි !

ඉන්දියානු රජයෙන් සිදුවන පළිගන්නාසුළු කටයුතු නිසා එරට තම කටයුතු ඇණ සිටුවීමට සිදු ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) පවසයි.


“මානව හිමිකම් සංවිධාන දඩයමක” ඉන්දියානු රජය නිරත ව සිටින බව ද එය තවදුරටත් ප්‍රකාශ කරයි.

තම බැංකු ගිණුම් අත්හිටුවා ඇති අතර ඉන්දියාවේ සේවක මණ්ඩලය කපා හැර ක්‍රියා මාලා සහ පර්‍යේෂණ කටයුතු නවතා දමන්නට ද සිදුව ඇති බවටද ජාත්‍යන්තර ක්ෂමා ආයතනය තවදුරටත් චෝදනා කරයි.

ඉන්දීය රජය තවමත් මේ චෝදනාවලට පිළිතුරු දි නැත.

“අප කවදාවත් අත්නොවිදි තත්ත්වයක් ඉන්දියාවේදී අත්දකිනවා. ඉන්දීය ශ්‍රම සංවිධානය ඉන්දීය රජය විසින් ඉතා ක්‍රමවත් ව කරනු ලබන පහර දීම්, වෙන් කොට සැලැකීම් සහ හිංසනවලට ලක්වනවා,” කණ්ඩායමේ පර්‍යේෂණ, ක්‍රියාකාරීත්ව සහ ප්‍රතිපත්ති සම්බන්ධ ජේෂ්ඨ අධ්‍යක්ෂ රාජත් කෝස්ලා BBC වෙත කියා සිටියේ ය.

“මේ සියල්ල අදාළ වන්නේ අප කරමින් සිටි මානව හිමිකම් කටයුතුවලට සහ දිල්ලියේ ඇති වූ කැරැලිවලට සහ ජම්මු කාශ්මීර් ප්‍රදේශවල සිදු කළ නිහඩකිරීම්වලට අදාළව අප නංවන ප්‍රශ්නවලට රජයට පිළිතුරු දීමට නොහැකි වීමට යි.

පසුගිය මස නිකුත් කරන ලද වාර්තාවකට අනුව,පෙබරිවාරි මාසයේ හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් අතර ඇති වූ මරණීය ආගමික කැරැලි කෝලාහල අතරතුර ඉන්දීය පොලිසිය මානව හිමිකම් කඩකිරීම් සිදු කළ බව ක්ෂමා ආයතනය කියයි.

මෙම වාර්තාව ඒක පාර්ශ්වික සහ ද්වේශ සහගත යැයි ඉන්දීය පොලිසිය පිළිතුරු දුන්නේ ය.

පසුගිය අගෝස්තු මාසයේ, කාශ්මීරය පාලනය කරන්නට ඉන්දීය රජයෙන් පනවා තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමේ පළමු සංවත්සරයේ දී, සිරගත කරන ලද සියලු දේශපාලන නායකයන් ගේ, සමාජ ක්‍රියාකාරිකයන් ගේ සහ මාධ්‍යවේදින් ගේ නිදහස ද, මේ ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම ද ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉල්ලා සිටියේ ය.
2019 දී, එක්සත් ජනපද විදේශ කටයුතු කමිටුවේ දි, අත්තනෝමතික සිරගත කිරීම්, කාශ්මීර ප්‍රදේශයේ අධික බලය භාවිත කිරීම සහ වදහිංසා පැමිණවීම ආදිය සම්බන්ධයෙන් ශ්‍රම සංවිධානය තම පර්‍යේෂණ සොයා ගැනීම් ඉදිරිපත් කළේ ය.

ඉන්දියාව තුළ විසම්මුතියකට ඉඩක් නොවීම දිගින් දිගට ම මේ මගින් විවේචනයට ලක් කරනු ලැබිණ.

පසුගිය වසර කීපය තුළ විවිධ රාජ්‍ය ආයතනවල දැඩි අවධානයට ලක් වූයේ යැයි කියැවෙන ක්ෂමා ආයතනය සතු බැංකු ගිනුම් අත්හිටුවීම තමාට කළ අවසාන ප්‍රහාරය බව කියා සිටියි.
2016 අගෝස්තු මාසයේ, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉන්දියානු විරෝධී සටන් පාඨ ප්‍රදර්ශනය කළේ යැයි රාජද්‍රෝහී වීමේ චෝදනා ලැබූ අතර වසර තුනකට පසු මේ චෝදනා ඉවත් කර ගන්නා ලෙස අධිකරණය නියම කළේ ය.

2018 ඔක්තොම්බර් මාසයේ, සංවිධානයේ බැංගලෝර් මූල්‍ය චෝදනා පිළිබද කටයුතු කරන කාර්‍යාලය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් වටලනු ලැබිණ. එ වර ද එහි බැංකු ගිනුම් අත් හිටුවන ලද අතර අධිකරණයේ මැදිහත් වීමෙන් අනතුරුව ඒවා නැවත ලබා ගත හැකි වූ බව ක්ෂමා ආයතනය පවසයි. මෙ වැනි සිද්ධියක් 2019 වසරේ ද සිදු වූ බව ද කියැවේ.

දිගින් දිගට ම ඉන්දීය රජයන් විදේශයන් ගෙන් අරමුදල් ලබන ලාබ නොලබන සංවිධාන සම්බන්ධයෙන් ප්‍රවේශම් සහිතව කටයුතු කර ඇත.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 2008 දී ද තම කටයුතු අත් හිටවූ අතර ඊට හේතුව වූයේ විදේශයන් ගෙන් අරමුදල් ලබා ගැනීමට බලපත්‍ර නොලැබීම යි. ඉන්දියාවේ එවකට කොන්ග්‍රසය විසින් පාලනය කරන ලද ආණ්ඩුවක් වූ අතර වර්තමානයේ කොන්ග්‍රස් පක්ෂය අසුන් ගන්නේ විපක්ෂයේ ය.

වසර ගණනක සිට විදේශයන් ගෙන් අරමුදල් ලබා ගැනීම සම්බන්ධ නීති දැඩි කර ඇති අතර දහස් ගණනක් ලාබ නොලබන සංවිධාන පිටරටින් මුදල් ලබාගැනීමට නොහැකි ව සිටිති.
ඉන්දියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ ප්‍රශ්න පැන නැගී ඇති වාතාවරණයක මෙම තත්ත්වය උද්ගත ව ඇත. එය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කීර්තිය පහත හෙළන්නකි.

“අප රටවල් 70ක පමණ කටයුතු කරනවා. මෙ ලෙස වැඩ කටයුතු අත් හිටුවන්නට සිදු වූ අනෙක් රට රුසියාව යි,” කෝස්ලා පවසයි.

මේ නිසා ඉදිරියේදී ඉන්දියාවට මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත නොකිරීම සම්බන්ධයෙන් දැඩි අන්තර්ජාතික පීඩනයකට යටත් වීමට සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි