×

‘ඇයි අපිට මෙච්චර ගෙදර වැඩ දෙන්නෙ මෝදි සර්?’

කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග, පාසැල්වල ඉගෙනුම් කටයුතු සිදුවූයේ අන්තර්ජාලය ඔස්සේ සූම් වීඩියෝ මගිනි. විශය නිර්දේශ ආවරණය කිරීමේ උත්සාහයේ ගුරුවරුන් යෙදෙන අතර, ප්‍රමාණය ඉක්මවා වූ පාඩම්වලින් පීඩිත ළමෝ නිවසේ සිටම ඉගෙනගනිමින් සිටිති.


කාශ්මීර ජාතික කුඩා දැරිවියක් අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමෙන් වන පීඩාව ගැන අගමැති මෝදි මහතා අමතන වීඩියෝවක් ට්විටර් ජාලයේ මේ දිනවල සංසරණය වෙමින් පවතී.

“අස්සලාම් අලෙයිකුම් මෝදි සර්! මම පුංචි ගෑනු ළමයෙක්. මට අවුරුදු හයයි. සූම් ඉගැන්වීම් ගැන යමක් කියන්නයි මම මේ හදන්නේ”

“අපිට ඉංග්‍රීසි, ගණිතය, උර්දු, පරිසර විද්‍යාව, පරිගණක තාක්ෂණය කියන මේ සේරම සූම් වීඩියෝවලින් ඉගෙනගන්න වෙනවා.

මේතරම් වැඩ කන්දරාවක් දෙන්න ඕනෙ අපිට ඉහළ 7-8 පන්තිවල අයියලා අක්කලාටයි.

ඇයි මෝදි සර්, මේ තරම් ගෙදර වැඩ දීලා පුංචි ළමයින්ගේ ඔලුවට ලොකූ බරක් පටවන්නේ?” ඇය හැඟීම්බර මුහුණකින් විමසනු වීඩියෝවේ දැක්වේ.

“අපි පැය හතරක් තිස්සේ එකදිගට වාඩිවෙලා ඉන්නේ කොහොමද මෝදි සර්?” ඈ අසන්නීය.

උදෑසන 10.00 සිට දවල් 2.00 දක්වා ඇය සහභාගී වන පන්තිය පැවැත්වෙන බවත්, ගුරුවරුන් ගෙදරවැඩ හැකිතරම් ලබාදෙන බවත් පවසන ඈ විශය නිර්දේශයේ බර අඩුකරන්නැයි අගමැති මෝදිගෙන් ඉල්ලා සිටින්නීය.

මේ වීඩියෝව සම්බන්ධයෙන් බොහෝදෙනෙක් ඇයට පක්ෂව සමාජ මාධ්‍යන්හිදී අදහස් පළකර තිබිණි.

(ස්ක්‍රොල් වෙබ් ඇසුරිනි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි