×

ඇලෙක්සි නවාල්නිට වසර දෙක​ක් හා මාස 8ක සිර දඬුවම් නියම වෙ​යි

බොරිස් ජොන්සන් මෙම තීන්දුව “බියගුලුකමක්” ලෙස විස්තර කළ අතර එය යුක්තියේ මූලික ප්‍රමිතීන් සපුරාලීමට අසමත් බව සඳහන් කළේය. ඔහු තව දුරටත් පැවසුවේ “ඇලෙක්සි නවාල්නි වහාම නිදහස් කළ යුතුයි." යන්නයි.


 

ව්ලැඩිමීර් පුටින් මර්දනය කිරීම සම්බන්ධයෙන් මොස්කව් අධිකරණයක් විසින් ඇලෙක්සි නවාල්නිට වසර දෙකක සහ මාස අටක සිර දඬුවමක් නියම කර ඇත.

නවාල්නි විසින් රුසියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ සගයන් බිලියන ගණනක් සොරකම් කළ බවට චෝදනා එල්ල කර ඇති අතර, මින් පෙර 2014 වසරේදීද දේශපාලනික වශයෙන් අභිප්‍රේරණයක් සහිතව නඩුවකදී වංචා කිරීම සම්බන්ධයෙන්ද සිර දඬුවමකට භාජනය විය.

මෙම පියවරට එරෙහි වූ නවාල්නි පාක්ෂිකයන් මොස්කව්හි විරෝධතා ආරම්භ කළ අතර විරෝධතාකරුවන් මර්දනය කිරීම සදහා එරට පොලීසිය දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. නඩු තීන්දුවෙන් පසු නවාල්නි ආධාරකරුවන් සිය ගණනක් මධ්‍යම මොස්කව්හි උද්ඝෝෂණ පැවැත්වීමට රැස්වූහ.

ප්‍රාදේශීය මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝ පටවල දැක්වෙන්නේ පොලිසිය ශරීර සන්නාහයෙන් සැරසී විරෝධතාකරුවන්ට පහර දෙන බවයි. OVD-info ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමට අනුව, දිවයින පුරා දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසාවියේ තීන්දුව නවාල්නි රුසියාවේ ප්‍රමුඛතම දේශපාලන සිරකරුවා බවට පත් කරන අතර එම තීන්දුව 2005 දී මිහායිල් කොඩෝර්කොව්ස්කි සිරගත කිරීමෙන් පසු පුටින්ගේ සතුරෙකුට එරෙහි වැදගත්ම තීන්දුව විය හැකිය.

මේ පිළිබදව අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසුවේ වොෂින්ටනය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවත්, කොන්දේසි විරහිතව වහාම නවාල්නිව නිදහස් කරන ලෙස තමා ඉල්ලා සිටින බවයි.

බොරිස් ජොන්සන් මෙම තීන්දුව “බියගුලුකමක්” ලෙස විස්තර කළ අතර එය යුක්තියේ මූලික ප්‍රමිතීන් සපුරාලීමට අසමත් බව සඳහන් කළේය. ඔහු තව දුරටත් පැවසුවේ “ඇලෙක්සි නවාල්නි වහාම නිදහස් කළ යුතුයි.” යන්නයි.

[embedyt]https://youtu.be/uvOLPBe_LfI[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි