×

ඇස්ට්‍රාසෙනෙකා ආරක්ෂිතයි අවස්ථාව ලද සැණින් එන්නත ලබා ගන්න – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිත එන්නතක් බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පවසා තිබේ. 


හැන්කොක් මහතා සඳහන් අකර ඇත්තේ එන්නත සම්බන්ධයෙන් බිය විය යුතු නැති අතර එම නියාමකයින්ට සවන් දී අවස්ථාව ලද සැණින් එන්නත ලබා ගන්නා ලෙසයි.

එම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමක් ඇතිවන බවට සඳහන් කරමින් මේ වන විට රටවල් 13ක් පමණ ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර ඔවුන්  එන්නත සම්බන්ධයෙන් වන ආරක්‍ෂිත බව ගැන සහතිකයක් පැමිණෙන තුරු අපේක්ෂාවෙන් පසුවෙයි.

එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මඟින් රුධිරය කැටි ගැසෙන බවට ඔවුන්ට සාක්ෂි නොමැති බවය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර යුරෝපීය ඖෂධ ඒජන්සිය හෙට දිනය වන විට එම පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා සමාගමද තහවුරු කර තිබුණේ ඔවුන්ගේ එන්නත මඟින් රුධිරය කැටි ගැසීමට කොහෙත්ම ඉඩක් නොමැති බවයි.

යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය පුර මිලියන 17කට වැඩි පිරිසකට මෙම එන්නත මේ වන විටත් ලබා දී තිබේ.

එම පිරිස අතුරින් රුධිරය කැටි ගැසීමේ සංකූලතාවට 40කට අඩු පිරිසක් මුහුණ දී තිබෙන බවද දැක්වෙයි.

එය එන්නතේ බලපෑමක් ද නැතහොත් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්නයක්ද යන්න තහවුරු වී නැත.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි