×

ඇසෙන් ලේ විදින්නී

කඳුළු නොව ඈ ලේ සළන්නී.


බැලූ බැල්මට ඈ කිසිදු අයුරකින් අසාමාන්‍ය කෙල්ලක නොවේ. සුන්දර යුවතියකි. නමුත් ඩෙල්ෆිනා සෙඩානෝ නමැති ඇය බරපතළ අවුලකට මැදිවී සිටින්නීය. සොබාදහම, ඇය කඳුළු වෙනුවට ලේ සැළිය යුතු යැයි තීරණය කළේ ඇයි? වෛද්‍ය විද්‍යාත්මක ව මේ තත්වය හැඳින්වෙන්නේ හීමොක්ලැරියා (Haemolacria ) යනුවෙනි. ඩොමිනික් සමූහාණ්ඩුවේ වර්නොන් නුවර ජීවත් වන ඇය මේ තත්වයට මුහුණ දුන්නේ හිටිවනම ය. එනම් මෙයට වසර 5 කට පෙර ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 19 කි. දිනක් උදෑසන අවදි වී සුපුරුදු පරිදි කැඩපත ඉදිරියට ගිය ඇය දුටුවේ ඇස් කෙවෙනි මුල අසාමාන්‍ය ලේ පැහැයකින් යුතු කබ කොටස් රැඳී තිබෙන අන්දමයි. ඈ එදා චකිතයෙන් යුතුව මුහුණ සෝදාගත්තා මිස ඒ ගැන කිසිවෙකුට නොකීවාය. ඒ ගිම්හාන කාලයේ උනුසුම තරමක් අධික ය. දහවල් වන විට ඇය දුටුවේ තමන්ගේ දහදිය ද රත් පැහැයෙන් යුතු බවයි. කෙල්ල බිය වී හඬන්නට වූවාය. එවිට ඒ කඳුළු ද ලේ රත් පැහැ බව දැක ඇය භීතියෙන් කෑ ගෑවාය. එදා සිට ගතවූ සෑම දිනයක්ම තමන් ට බියකරු සිහිනයක් වී යැයි ඇය කියන්නීය. ඇය මානසික ව ඇද වැටුණාය. වරක් නොව දෙවරක් ම සිය දිවි නසාගන්නට ද උත්සාහ කළාය. ඩොමිනික් සමූහාණ්ඩුවේ ප‍්‍රකට යැයි සැලකුණු සෑම කාය විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ම ඇය පරීක්ෂා කෙරිණි. කෙසේ නමුත් දැන් පස් වසරක් ගත වුණු තැන ඇගේ මේ කායික අසාමාන්‍යතාවයට උත්තරයක් නැතත් හේතුවක් ලැබී ඇත. වෛද්‍යවරුන් සිටින්නේ ඒ ගැන සතුටෙනි. නමුත් ඇය ඒ ගැන සතුටු වන්නේ ද දුක් වන්නේදැයි ඇයම නොදන්නීය.

 මේ වන විට බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින ඇයට දැන් පෙම්වතෙක් ද හිඳියි. එපමණක් නොව දැන් ඇය විවාහ ගිවිසගෙන ද ඇත.නමුත් කොන්දේසි දෙකක් තිබේ. පළමු වැන්න, ඔහු ඇයව ආතතියට පත් නොකළ යුතුය. දෙවැන්න, ඔහු ඇය ව නොහැඬවිය යුතුය.

මෙහිදී විසඳාගත යුතු පළමු ප‍්‍රශ්නය වූයේ ඇත්තෙන්ම ඒ රුධිර ‍සෛල ද, නැතිනම් වෙනත් රතු පැහැ දියරයක් ද යන්නයි. ‘‘මේ රුධිරය බව පැහැදිලියි.’’ ඩෙල්ෆිනාගේ රුධිර කදාව පරීක්ෂා කළ වෛද්‍ය පෙනා සිය ප‍්‍රධානියා හමුවේ කීවාය. ‘‘නමුත් මම ෙසෙලීය පරීක්ෂාවෙන් පසු ව්‍යාකූල වෙලා. මේවා සාමාන්‍ය රුධිර ෙසෙල නොවෙයි.’’ ඇගේ සිරුරේ තැනින් තැන ලේ රතු පැල්ලම් ද මතුවීමට පටන් ගෙන තිබිණි. යුවතියට දින දෙකකින් නින්දක් ලැබී තිබුණේ නැත. ඇය පුවත අසා උමතු වූවා සේ ය. ‘‘මට කියන්න, ඒවා ඇත්තටම ලේ ද නැත්ද කියලා…’’ ඇය වෛද්‍ය පෙනාගේ අතක එල්ලී කෑ ගෑවාය. ‘‘අපිට තව පරීක්ෂා කිහිපයක් කරන්න තියෙනවා.. ඒ නිසා කලබල වෙන්න එපා.. බෙහෙත් බීලා විවේකී ව ඉන්න… කිසිදෙයක් හරියටම කියන්න වේලාසන වැඩියි..’’ වෛද්‍යවරිය ඇය ව අස්වැසුවාය. නමුත් ඒ සැනසිල්ල තාවකාලික එකකි. සෑම රෝගියෙකු ටම සත්‍යය දැන ගැනීමේ අයිතියක් ඇත. ඇගෙන් වහනය වන්නේ සැබෑ රුධිරය ම බව වෛද්‍ය පෙනා එයින් දින කිහිපයකට පසු යුවතියට හෙළි කර සිටියාය. මේ වන විට එම අරුම පුදුම රෝගී තත්වයට හේතු පැහැදිලි කර ගැනීම ට ද වෛද්‍යවරු සමත් වී සිටිති. ඔවුන් ට අනුව මෙයට හේතුව ඇගේ සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවයකි. හරියටම කියන්නේ නම්, ඇගේ සිරුරේ ඇඞ්රිනලීන් හෝමෝනය පවතින්නේ සාමාන්‍ය අයෙකුගේ රුධිරයේ එම සාන්ද්‍රණය මෙන් විසි ගුණයක් අධිකව ය. ඇඞ්රිනලීන් යනු වකුගඩුව මත පිහිටා තිබෙන කුඩා අධිවෘක්ක ග‍්‍රන්ථියේ බාහිකයෙන් ස‍්‍රාවය වන, පරිවෘත්තිය සඳහා අතිශයින් වැදගත් වන හෝමෝනයකි. වෛද්‍ය විද්‍යාවේදී එපිනෙපි‍්‍රන් ලෙස ද මෙය හඳුන්වයි. හදිසි අවස්ථාවකදී ‘‘පහර දෙනු හෝ පළා යනු’’ (ෆයිට් ඕ ෆ්ලයිට්) යාන්ත‍්‍රණය පාලනයට මෙය ඉතා වැදගත්ය.

එනම් හදිසි අවස්ථාවන්හිදී කෙසේ හැසිරිිය යුතු දැයි තීරණ කරන, ශරීරයේ රසායනික පරිසරයේ සැකසුම මෙමගින් පාලනය වෙයි. ඩෙල්ෆිනාට සිදුවී තිබෙන දෙය වන්නේ, ඇගේ සිරුරේ එම හෝමෝනය විසි ගුණයක් අධික ව තිබීම නිසා, කුඩා ආතතියකින් පවා ඇගේ සිරුර පහර දෙනු හෝ පළා යනු ප‍්‍රතිචාරයට උචිත ලෙස අභ්‍යන්තරයෙන් හැඩ ගැසෙන්නට ගනියි. ඒ නිසා ම ඇය කාංසාව තත්වය ට ද පහසුවෙන් ලක්වෙයි. අනෙක් අතට, ඒ සමගම පහර දෙනු හෝ පළා යනු තත්වයට උචිත ලෙස සිරුර හැඩ ගැසීමේ එක් පියවරක් ලෙසින් ඇගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට පටන් ගනියි. ඇගේ කඳුලූ ග‍්‍රන්ථි රුධිරය සහ ජලය පිට කරන්නේ එම පීඩනය ශරීරයෙන් පිට කිරීමේ මගක් ලෙස ය.

වෛද්‍ය විද්‍යාවේදී ඈ පෙළෙන මේ තත්වය හෙමටිඩ්‍රෝසිස් යනුවෙන් හඳුන්වයි. එය අතිශය දුර්ලභ තත්වයක් සේ ම ඇතැම්විට මරණය පවා කැඳවන තත්වයක් ද විය හැක. එයට හේතුව අභ්‍යන්තර පටක පුපුරා යාම ද මෙහිදී සිදුවිය හැකි නිසා ය. ඉතිසාසයේ මේ තත්වයට ගොදුරු වූවන් පිළිබඳ පුරාවෘත්ත නැතිවා නොවේ. ලියනාඩෝ ඩාවින්චි, යුද්ධයට පෙරම ලේ සැලූ සොල්දාදුවෙකු ගැන කියයි. බයිබලයේ ලූක්ගේ ශුභාරංචියේ දැක්වෙන පරිදි ජේසුස් වහන්සේ ගෙත්සෙමෙනි උද්‍යානයේ යාඥා කරමින් සිටින විට අත්දුටුවේ ද මේ තත්වය බවට විශ්වාස කෙරේ. ඩෙල්ෆිනා දැන් නොකඩවා වෛද්‍ය ප‍්‍රතිකාර ලබන්නීය. ආතතිය සහ විශාද තත්වයන්ට ගොදුරු නොවීම සඳහා ඇයට විශේෂ මානසික උපදෙස් ද ලබාදෙයි. මේ වන විට බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින ඇයට දැන් පෙම්වතෙක් ද හිඳියි. එපමණක් නොව දැන් ඇය විවාහ ගිවිසගෙන ද ඇත.නමුත් කොන්දේසි දෙකක් තිබේ. පළමු වැන්න, ඔහු ඇයව ආතතියට පත් නොකළ යුතුය. දෙවැන්න, ඔහු ඇය ව නොහැඬවිය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි