×

ඇෆ්ගන් කාන්තා ක්‍රිකට්වලටත් තිත තැබෙන ලකුණු!

ඇෆ්ගනිස්ථානය යළිත් තලේබාන් පාලනයට නතුවීමත් සමග මේ දක්වා ඇෆ්ගන් කාන්තාවන්ට හිමිව තිබූ සීමිත නිදහසටද වැට කඩුලු වැටෙනු ඇති බවට දැනටමත් ඉඟි පළකර තිබෙනවා.


කෙසේ නමුත් බලය අත්පත් කර ගැනීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදී තලේබාන් සංවිධානය ප්‍රකාශ කළේ කන්තාවන්ට දැඩි ආගමික සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බවයි.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට්වලට බාධක වැටෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සැක පළකරනවා. ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක හමීඩ් ෂින්වාරි ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ කාන්තා ක්‍රිකට් නතර කිරීමට සිදුවනු ඇති බවට තමා උපකල්පනය කරන බවයි. මේ දක්වා ඊට අදාල නියෝගයක් නිකුත් වී නොමැති වුවත් අනාගතය කෙසේ වේදැයි යන්න අවිනිශ්චිත බව ඔහු සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථානය මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 න් එකක් වන අතර ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති එකම පූර්ණ සාමාජිකත්වය හිමි රටද වේ. අනෙක් පැත්තෙන් මේ වනවිට රටවල් 56 ක කාන්තා කණ්ඩායම් 20/20 ජාත්‍යන්තර තරග වරම් හිමි කරගෙන සිටින නමුත් තවමත් ඇෆ්ගනිස්ථානයට කාන්තා කණ්ඩායමක් ගොඩගැනීමට නොහැකි වී තිබෙනවා.

පසුගිය වසරේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනමමින් ඉතා නුදුරේදීම කාන්තා කණ්ඩායමක් ජාත්‍යන්තර පිටියට යැවීමට උත්සාහ ගනිමින් සිටියේය. කෙසේ නමුත් එරට පාලන බලය හුවමාරු වීමත් සමග ඒ පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු සුන්වන තත්වයට පත්ව තිබේ.

කාන්තා ක්‍රිකට් ඇණහිටීමත් සමග ඇෆ්ගනිස්ථානයට හිමි ICC පූර්ණ සාමාජිකත්වයටද ඉන් බලපෑමක් සිදුවනු ඇත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි