×

ඇෆ්ගන් වැසියන් ජීවත් කරවන පරණ පාන් කැබලි.

ඇෆ්ගනිස්ථානයේ නිල් ගෝලාකාර මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වෙළඳ කුටියක ගෝනි පුරවා පාන් කැබලි විකුණනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේවා අළෙවි වන්නේ සතුන්ටය. නමුත් මේ වන විට ඒවා අනුභව කරන්නේ මිනිසුන්ය. වෙන කවරදාකටත් වඩා ඇෆ්ගන් වැසියන් අතර මේ වෙනුවෙන් ඉල්ලුමක් පවතියි. 2021 වසරේ අගෝස්තු මාසදී තලේබාන්වරුන් විසින් ඇෆ්ගන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු සාමාන්‍ය ආදායම තුනෙන් එකකින් කප්පාදු […]


ඇෆ්ගනිස්ථානයේ නිල් ගෝලාකාර මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වෙළඳ කුටියක ගෝනි පුරවා පාන් කැබලි විකුණනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේවා අළෙවි වන්නේ සතුන්ටය. නමුත් මේ වන විට ඒවා අනුභව කරන්නේ මිනිසුන්ය. වෙන කවරදාකටත් වඩා ඇෆ්ගන් වැසියන් අතර මේ වෙනුවෙන් ඉල්ලුමක් පවතියි.

2021 වසරේ අගෝස්තු මාසදී තලේබාන්වරුන් විසින් ඇෆ්ගන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු සාමාන්‍ය ආදායම තුනෙන් එකකින් කප්පාදු කර ඇත. මීට සාපේක්ෂව ආහාර මිල තියුනු ලෙස ඉහළ ගොස් තිබේ. තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ සංවර්ධන වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබුණු ආධාර  විශාල වශයෙන් කපා හැරිණි. ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහනම් කර ෂරියා නීතිය නැවත හඳුන්වා දීමට උත්සහ ගනු ලබන තලෙයිබාන්වරුට ආධාර ලබා දීම ඔවුන්ගේ අවිචාරවත් නීති අනුමත කිරීමක් වන හෙයින් විදෙස් ආධාර නැවතී ඇත. මේ වන විට දවස පුරා රැකියාවේ නිරත වූවත්, ඉන් මිලදී ගත හැකි වන්නේ පාන් මල්ලක් පමණක් වන තරමට ආර්ථිකය පහත වැටී ඇත. රටේ මහ බැංකු සංචිත කැටි කිරීමට බටහිර රටවල් ගත් තීරණය හේතුවෙන් හා තලෙයිබාන් වරුගේ හිතුවක්කාරී පාලනය හේතුවෙන් මන්දපෝෂණය සහ සරම්ප සමඟ සටන් කරන දරුවන් ඇෆ්ගනිස්ථානය තුළ සුලභ දසුනකි. ඉදිරි මාස කිහිපය තුළ කුසගින්න හේතුවෙන් ළමුන් මිලියනයක් මියයාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඉස්සර දවසකට පස් දෙනෙක් මේ පාන් මිලදී ගත්තා, දැන් එය 20 කට වඩා වැඩියි,” මෙලෙස ප්‍රකාශ කරනුයේ ෂාෆි මොහොමඩ් නම් පාන් වෙළෙන්දෙකි. බොහෝ දෙනෙකු ඇත්තේ කුසගින්නෙනි, ඔවුන්ගේ ජීවිතය නිසි කෑමක් හෝ ජලය නොමැතිව කූඩුවක සිරකර ඇති කුරුල්ලෙකුගේ ජීවිතයක් බඳුය. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛණ වාර්තාවන්ට අනුව සමස්ත ජනගහනයෙන් 95%කට ප්‍රමාණවත් තරම් ආහාර නොමැත.මිලියන 22 ජනතාව කුසගින්න දෙසට තල්ලුවෙමින් ඇත. දුප්පත්කම ඇෆ්ලනිස්ථානය අරක්ගෙන ඇත.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලැබෙන මානුෂික ආධාර තවදුරටත් ප්රමාණවත් නොවන බවට අනතුරු ඇඟවීම් තිබේ. මෙ දිනෙන් දින වැඩිවන අඛණ්ඩ නියඟයේ සලකුණකි.

කාබුල්හි වෛද්‍ය සෆාර් පවසන පරිදි  ”අපිට කිසිම දෙයක් නෑ… බෙහෙත් නෑ,” අපි දුක් විඳිනවා, සමහර විට අපි අඬනවා.””ජාත්‍යන්තර ප්‍රජාවට මගේ පණිවිඩය නම්: මෙය අප මෙතෙක් මුහුණ දී ඇති නරකම තත්වයයි… කරුණාකර අපට මානුෂීය ආධාර එවන්න. ඉස්ලාමීය එමීර් රාජ්‍යය [තලෙයිබාන් රජය] සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ විදේශ සංචිත නිදහස් කරන්න.”අපිට ඉන්ධන, සාලු හෝ උණුසුම් ඇඳුම් නැහැ. “අපට සැබෑ ජීවිතයක් නැත… අපි අවතැන් වූ සරණාගතයින්.”

ඇෆ්ගනිස්ථානය විරැකියාව සහ ආහාර මිල ඉහල ගොස් අතර, එහි මුදල් ඒකකයේ අගය පහත වැටෙමින් පවතියි. බැංකු විසින් මුදල් ආපසු ගැනීම සඳහා සීමාවන් පනවා ඇත. අර්බුදය මූලික වශයෙන් මෙහෙයවනු ලැබුවේ තලෙයිබාන්වරු විසිනි. දූෂණය සහ යුද්ධයේ බලපෑම ඇෆ්ගන් ජීවිත වෙලාගෙන පවතියි. මේ වන විට , යුද්ධය අවසන් වී ඇත, නමුත් ජීවත්වීමේ අරගලය වඩාත් දරුණු වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි