×

ඇෆ්ගනිස්ථානයේ පොලියෝ එන්නත්කරණයට ඉඩ

පසුගිය වසරේ අප්‍රිකාව පෝලියෝ රහිත බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම රෝගය දැන් දක්නට ලැබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේදී පමණි .


එක්සත් ජාතීන් වසර ගණනාවකට පසු ඇෆ්ගනිස්ථානයේදී එරට පුරා පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යපෘතියක් ප්‍රකාශයට පත් කරඇත.එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් පැවසුවේ එම ව්‍යපෘතිය නොවැම්බර් මස මුලදී ආරම්භ කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘතිය සඳහා තලේබාන් සංවිධානයේ පූර්ණ සහයෝගය තමන් සතුව ඇති බවයි.අතීතයේදී තලෙයිබාන් සටන්කාමී කණ්ඩායම එන්නත් කිරීමට විරුද්ධ වූ අතර එය මුස්ලිම්වරුන් වඳ කිරීමේ බටහිර කුමන්ත්‍රණයක් යැයි ව්‍යාජ ප්‍රචාරණයක් දියත්කරන්ට විය.යුනිසෙෆ් ආයතනය පැවසුවේ නොවැම්බර් 8 වැනි දින සිට ගෙයින් ගෙට ගොස් එන්නත් ලබා දීමේ ව්‍යපෘතිය යටතේ වයස අවුරුදු 5 ට අඩු ඇෆ්ගනිස්ථාන දරුවන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වෙත ළඟාවීමට ඔවුන්ගේ ඉලක්කය බවයි.

“මෙම තීරණය මඟින් පෝලියෝ රෝගය තුරන් කිරීමේ ප්‍රයත්නයේ දැවැන්ත ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකි වේ. පෝලියෝ රෝගය මුළුමනින්ම තුරන් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය පුරා සෑම නිවසකම සිටින සෑම දරුවෙකුටම එන්නත ලබා දිය යුතු බව” ඇෆ්ගනිස්ථානයේ යුනිසෙෆ් නියෝජිත හර්වි ලුඩොවික් ද ලයිස් පැවසීය.

අසල්වැසි පාකිස්තානයේ ද එවැනිම ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරමින් දෙවන පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යපෘතියක් සම්බන්ධීකරණය කළ බව එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසයි.පසුගිය වසරේ අප්‍රිකාව පෝලියෝ රහිත බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම රෝගය දැන් දක්නට ලැබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේදී පමණි .

bbc වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි