×

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදාවත් ගෙදර ගෙන්වන්න ට්‍රම්ප් සූදානම් වෙයි

හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ ට්‍රම්ප් ජනපති වරයාගේ මෙම තීරණය දෙවන 9/11 ප්‍රහාරයකට මග පාදන්නක් වනු ඇති බවයි.


සිරියාවේ සිටින සියලු ඇමරිකානු හමුදාවන් සිය රටට ගෙන්වා ගැනීමට තීරණය කළ ඇමරිකානු ජනපතිවරයා ඉන් නොනැවතී ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදාවන්ද නැවත ගෙන්වා ගැනීමට සූදානම් වෙයි.
ඇමරිකානු මාධ්‍ය පවසන පරිදි ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල සිටින ඇමරිකානු භටයින් 7000ක් පමණ දෙනා මාසයක් තුළ වහා සිය නිවෙස් කරා යායුතු බවට ට්‍රම්ප් යෝජනා කර ඇත.
මේ සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කර ඇත්තෙ ට්‍රම්ප් ජනපතිවරයා විසින් සිරියාවේ ඇමරිකානු හමුදාව ඉවත් කරගන්නා බව නිවේදනය කර දිනකට පසුවයි.

ඔහුගේ මෙම අදහස පිළිබඳවද ඇමරිකානු රාජ්‍ය සහ ආරක්ෂක අංශ විරෝධතා ප්‍රකාශ කරමින් සිටින්නේ මේ ඊට සුදුසු කාලය නොවන බවට කරුණු ඉදිරිපත් කරමිනි.

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය තුළ මෙහෙයවීම් ආරම් කරන ලද්දේ 2001 වසරේදීය. හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ ට්‍රම්ප් ජනපති වරයාගේ මෙම තීරණය දෙවන 9/11 ප්‍රහාරයකට මග පාදන්නක් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි