×

‘‘ඈ මගේ ජීවිතයේ හිරු එළියයි.’’ – රොක් තරුව ස්ටින්ග්

ලෝකයේ එදාමෙදාතුර බිහිවූ වඩාත්ම සාර්ථක රොක් සංගීත තරුවක් වන ස්ටින්ග්, ‘ඩෙසට් රෝස්’ ආදී ජනපි‍්‍රය ගීත රැසක හිමිකරුවා ය. පසුගිය සතියේ ‘ඉවෙන්ට්’ ස`ගරාවට ඉතා හැ`ගීම්බර සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ස්ටින්ග් හෙළි කළේ ඔහුගේ පවුම් මිලියන 180 ක මහා ධනස්කන්ධය සිය දරුවන්ට උරුම නොවනු ඇති බවයි. ‘‘ඔවුන් තනියම මහන්සි වී මුදල් උපයාගත්තාවේ’ යැයි ඔහු පැවසුවේය.


ලෝකයේ විශිෂ්ටතම ගායකයෙක්ද, වාදකයෙක්ද, සංගීත ශෛලීන් ගණනාවක නිපුණයෙක්ද වන ස්ටින්ග් ගේ හඬ මුසුවූ ගී තැටි මිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වී ඇත. තවත් අලෙවි වෙමින් දතිබේ. ඔහු ගෝල්ඩන් ග්ලෝබ් මෙන්ම එමී සම්මානයක ද හිමිකරුවෙකි. තවද ඔස්කාර් සම්මානය සඳහා නාමයෝජනා ලැබුවෙකි. ඉතා දිළිඳු -අන්ත දුක්විඳි ළමාවියකින් ඇරඹි ඔහුගේ ජීවිතය මහා ධන කුවේරයෙක් දක්වාවිකසනය වීම, අපේ කාලයේ වීර කාව්‍යයකි. එදා පණස් වසරකට පෙර රෝල්ස් රොයිස් රියක නැගුණු රැජින මව, අර්නස්ට් මැතිව් සම්නර්ගේ දිළිඳු පවුලේ පැල්පත පසුකර ගියේ එංගලන්තයේ වොල්සෙන්ඞ් ප‍්‍රදේශයේ පිහිටා තිබූ නෞකාංගනයක ඉදිකළ නැවක්දියත් කිරීම සඳහා ය. ගෝඞ්න් මැතිව් සම්නර් නමැති දොළොස් හැවිරිදි දරුවෙක් කඩවීදියේ සිට දෑස් දල්වා ඇය දෙස බලා සිටියේය. එම දරුවා පෙර කී නැව තැනීමට අත්උදව් දීමෙන් හවුල් වූවෙක් ද විය. රැජින මවගෝඞ්න් දෙස බලා අතක් වැනුවාය. ‘‘මමත් කවදහරි ඇය වගේ ජනප්‍රිය වෙලා, ප‍්‍රසිද්ධ වෙලා, පොහොසත් වෙලා රෝල්ස් රොයිස් එකක යනවා’’ ගෝඞ්න් සිතාගත්තේය. එදා එය සිහිනයක් පමණක් විය. ගෙතුළතදබදයෙන් යුතු විය. ජීවිතයේ අනේක විධ අඩුපාඩු ගැන පැමිණිලි කරන දරුවන් සිව්දෙනෙක් ඒ ගෙයි විසූහ. ගෝඞ්න්ගේ පියා කිරිකාරයෙකි.

ඉංජිනේරු වැඩ සඳහා අත්උදව් දීම ද කළේය. මව කොණ්ඩා සකසන්නියකලෙස කටයුතු කළාය. ඉපදුණේ මන්දැයි තමන්ගෙන්ම අසන තරමට ඔවුන්ගේ ජීවිත කටුක විය. තරුණ වියට එළඹ රැුකියා ගණනාවක් කළ ඔහු කාලයක් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.කල් යත්ම වෙන කළ හැකිදෙයක් නැති තැන ගෝඞ්න් මැතිව් නමැති දරුවා උපතින් උරුමකර තිබූ අනර්ඝ කටහඬ මුදල් කිරීමට මගක් සෙව්වේය. ලන්ඩන් වේදිකාව මත කලූ – කහ ඉරි සහිත ජර්සියක් ඇඳගෙන දෙබරෙකුගේ විලාසයෙන්තරුණයෙක් ගී ගැයීමට පටන් ගත්තේය. ගිටාරය වැයීමටද ඔහුට තිබුණේ උපන් හපන් කමකි. ඔහු ‘ස්ටින්ග්’ (දෙබර තුඩ) යනුවෙන් ප‍්‍රසිද්ධ වූයේ ද ඒ ඇඳුම නිසා ය.

 දැන් ඔහුගේ දරුවන් දෙසට හැරෙමු. 62 හැවිරිදි ඔහුට දියණියන් තිදෙනෙකි. පුතුන් ද තිදෙනෙකි. බාලම පුතා වන ගියාකොමෝ 18 හැවිරිදි වන අතර වැඩිමල්ම පුතා වන ජෝසප් 37 හැවිරිදි ය. මුනුබුරන්ගේ ද සුරතල්බලන ඔහුට දිගුකාලීන ප‍්‍රීතිමත් විවාහ දිවියක් ද හිමි ය. ‘‘මට හමුවුණු අසාමාන්‍ය ලෙස සුන්දර ගැහැනිය’’ ඔහු සිය දෙවන බිරිඳ වන තෘඞී ව හඳුන්වා දෙන්නේ එසේ ය. ‘‘ඈ මගේ ජීවිතයේ හිරු එළියයි.’’

 ස්ටින්ග් ට මුලින් කිසිවක් ලෙහෙසියෙන් ලැබුණේ නැත. ‘‘පුතා, උඹ යන්නෙ මායාවක් පස්සෙ’ යැයි පියා ඔහුගේ මුහුණටම කීවේය. ස්ටින්ග් කවදා හෝ හොඳින් ඉගෙන ගෙන ප‍්‍රංශ හා ලතින් බස හොඳින් කතා කරනඅයෙක් වීමට ආශා කළේය. ශිෂ්‍යත්වයක් ද සමගින් ග‍්‍රැමර් පාසලට සමත් වී සිටියත් පියා ඔහුට කීවේ, ‘‘ ඕව කරල හරියන්නෙ නෑ. තාක්ෂණ පාසලට පලයන්’ කියා ය. පතිවත නොරැුකි මව ඒ වන විට පවුලෙන් වෙන්වී ගොස් දික්කසාදයට මගක් සොයමින් සිටියාය. නමුත් ඇය හැමවිටම ස්ටින්ග් ගේ ආශාවන්ට රුකුල් දුන්නාය. පසුකලෙක ඔහු පැවසුවේ සංගීතය සඳහා සිය හදේ අඳුරු ආශාවක් දල්වා තැබුවේ මව බව ය. ඉන්පසුස්ටින්ග් ලන්ඩනය බලා ගියේය. නිවැරදිවම පවසන්නේ නම් පළා ගියේය. ගම්බද දිළිඳු ජීවිතය අමතක කර මුලූ ආත්මයම සංගීතය බවට පත් කරගෙන 1979 දී ‘පොලිස්’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. පොලිස් ගැයූ ගීත එක්සත් රාජධානියේ ගීත දර්ශකවල මහා පිපිරීමක් ද කැළඹීමක් ද ඇති කළේය. වස්තු සම්පත් ඔහු වෙත ආකර්ෂණය වන්නට විය. නිව් වේව් රොක් සංගීත කණ්ඩායම හරහා ද ඉන්පසු ඒකල ගායකයෙක්ලෙස ද ඔහු අතිමහත් සාර්ථකත්වයක් ලබාගත්තේය. රොක්, ජෑස්, රෙගේ, ක්ලැසිකල්, නිව් ඒජ් සහ වර්ල්ඞ් බීට් වැනි සංගීත ක‍්‍රම රැුසක් ඇසුරින් සිය නිර්මාණ බිහිකළ ඔහු, ගී පද රචනයේද ඇදහිය නොහැකිනිපුණතාවක් දැක්වීය. ‘ඉංග්ලිෂ්මන් ඉන් නිව්යෝක්, ෂේප් ඔෆ් මයි හාට්, තවුසන්ඞ් ඉයර්ස් ආදී ගීත රැුසක් ඔහුගේ භාවමය කටහඩන් ජීවය ලැබුවේය.

අවසානයේ මහ රැුජින ඔහු ව බකිංහැම් මාළිගයට කැඳවා නයිට්නාමයෙන් ද ගෞරව කළාය. නොවුවමනා මාධ්‍ය අවධානය ගැන නොසතුටු වූ නිසා ස්ටින්ග් මව පියා දෙදෙනාගේම අවමංගල්‍යයන්ට සහභාගි වූයේ නැත. නමුත් පිළිකා රෝගයෙන් අඩපණ වූ පියාගේ ගිලාන සයනය අසල ගත කළ අවසන් හෝරාකිහිපය ඔහුගේ මතකයේ රැුඳී තිබේ. සංගීතකාරයෙක් වීම මගින් පුතා සාර්ථක මිනිසෙක් වේ යැයි කිසිදිනෙක විශ්වාස නොකළ ඒ තාත්තා, දිවි ඇති තෙක් කළ බර වැඩවලින් විඩාබර වූ විසල් දෑත් සයනය මත ඔහේවිහිදා ගෙන සිටියේය. එක් වරම ස්ටින්ග්, තමන් සහ තාත්තා අතර සමානතාවක් දුටුවේය. ‘‘තාත්තේ, මේ බලන්න, අපි දෙන්නගෙම අත් එක වගේ..’’ ඔහු මොහොතකට කුඩා දරුවෙක් බවට පත්විය. එවිට පියා අසීරුවෙන්කී එකම එක වාක්‍යය තමාට කිසිදිනෙක අමතක නොවෙන්නේ යැයි ස්ටින්ග් ඉවෙන්ට් ස`ගරාවට පැවසුවේය. ‘‘ඔව් පුතා, ඒත් ඔබේ අත්වලින් මගේ අත්වලට වඩා හොඳට වැඩ අරන් තියෙනවා’ යැයි පියා කීවේය. ඒ, මුවින් වර්ණනා නොකළද ස්ටින්ග් ගේ පියා ඔහුගේ සාර්ථකත්වය හා ඔහු ගිය මග නිහඬව අනුදත් බව ට ලැබුණු එකම සහ අවසන් සාක්ෂිය විය. පියාගේ මරණයෙන් 27 වසරකට පසු අදත් ඒ ගැන කතා කරන විටස්ටින්ගේ කටහඬ ගැඹුරු වී නෙත් කොණ මදක් තෙත් වෙයි. 2005 වසරේදී ඔහු ‘බ්‍රෝකන් මියුසික්’ නමැති සංගීත චාරිකාව සිය දෙමාපියන් වෙනුවෙන් වෙන් කළේය. සිය ආත්ම විශ්වාසය මිස අන් ආගමක් නොඇදහූ ස්ටින්ග් 2011 වසරේදී ටයිම් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හෙළි කළේ තමන් අදේවවාදියෙකු බවයි.

ස්ටින්ග් ගේ ජීවිත කතාව දැන් සංගීතමය නාටකයක් බවට ද පත්ව තිබේ. ‘අන්තිම නැව’ හෙවත් ‘ද ලාස්ට් ෂිප්’ නමැති එහි මංගල දර්ශනය පසුගිය සතියේ චිකාගෝ නුවර පැවැත්විණි. නෞකාංගන හා නැව්වල ඩෙක්තට්ටු අතර ගෙවුණු ස්ටින්ග් ගේ දුක්බර ළමාවිය එයින් කදිමට නිරූපිත ය. ‘‘මම ඒ ළමා කාලයේ පරිසරයෙන් පළා යන්නට පුදුම සටනක් දුන්නා’’ යැයි ඔහු කියයි. ‘මගේ යාත‍්‍රාව මම දියත් කළේ ඒ අමිහිරි දිය ගැබෙන්පළායන්නටයි.’’ දැන් ඔහුගේ දරුවන් දෙසට හැරෙමු. 62 හැවිරිදි ඔහුට දියණියන් තිදෙනෙකි. පුතුන් ද තිදෙනෙකි. බාලම පුතා වන ගියාකොමෝ 18 හැවිරිදි වන අතර වැඩිමල්ම පුතා වන ජෝසප් 37 හැවිරිදි ය. මුනුබුරන්ගේ ද සුරතල්බලන ඔහුට දිගුකාලීන ප‍්‍රීතිමත් විවාහ දිවියක් ද හිමි ය. ‘‘මට හමුවුණු අසාමාන්‍ය ලෙස සුන්දර ගැහැනිය’’ ඔහු සිය දෙවන බිරිඳ වන තෘඞී ව හඳුන්වා දෙන්නේ එසේ ය. ‘‘ඈ මගේ ජීවිතයේ හිරු එළියයි.’’ සියල්ල එසේ තිබියදීත් ඔහු සිය ධන උරුමය දරුවන්ට නොදෙන්නේ ඇයි? එයට ඔහු දෙන පිළිතුර ඉතා සරළ ය. ‘‘මම කියන්නෙ, හොඳම දේ තමයි, ඔවුනුත් වෙහෙස වී වැඩ කර ධනය ඉපැයීම..’’ ඔහු කළේ එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි