×

ඉතාලියේ Marmolada ග්ලැසියරය කඩා වැටීමෙන් අවම වශයෙන් පස් දෙනෙක් මිය යයි

අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. තවත් දෙදෙනකු බරපතල තත්වයේ පසුවන අතර අට දෙනෙකු තුවාල ලබා තිබේ


උතුරු ඉතාලියේ ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ හිම කුණාටුවකට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. තවත් දෙදෙනකු බරපතල තත්වයේ පසුවන අතර අට දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සංඛ්‍යාව තාවකාලික සංඛ්‍යාවක් වන අතර තුවාල ලැබූවන් ඉහළයාමේ අවධානමක් පවතියි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාදේශීය හදිසි සේවය කියා සිටියේ කඩාවැටෙන අවස්ථාවේ කඳු නගින්නන් 15 දෙනෙකු කණ්ඩායමේ සිටි බවට විශ්වාස කරන බවයි. නමුත් මෙය නිශ්චිත තත්වයක් නොවේ.
පසුගිය දිනවල ප්‍රදේශය පැවැති අසාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන් ග්ලැසිරය මෙලෙස දියවී යන්නට ඇතැයි හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි