×

ඉතාලි පාර්ලිමේන්තුව තුනෙන් එකකින් කප්පාදු කිරීම ජනමත විචාරණයකින් අනුමත වෙයි

ඉතාලි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර ප්‍රමාණය තුනෙන් එකකින් අඩු කිරීම සඳහා පැවති ජනමත විචාරණයේදී එරට ඡන්දදායකයන්ගෙන් 70% කට ආසන්න පිරිසක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම කප්පාදුව එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඉන් පසුව ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විණි.

මිලියන 26 කට වැඩි ඡන්දදායකයන්ගෙන් මිලියන 18 කට ආසන්න පිරිසක් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩුකිරීම සඳහා එකඟ වී තිබේ. ඊට එරෙහි වී තිබෙන ප්‍රමාණය ලක්ෂ 08 කටත් අඩු පිරිසකි.

ඒ අනුව ඉතාලි පාර්ලිමේන්තුවේ හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන ප්‍රමාණය 630 සිට 400 දක්වා අඩුවන අතර සෙනට් මණ්ඩලය 315 සිට 200 දක්වා අඩුවනු ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ සිටයි. මීළඟ ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය 2023 වසරේ මැයි 28 වැනිදා පැවැත්වීමට නියමිත වේ.

ඉතාලි පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය අඩු කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළේ වත්මන් ඉතාලි ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන Five Star Movement සංවිධානයයි.

රටේ වියදම් අවම කර ගැනීමේ පියවරක් ලෙස මන්ත්‍රී ධුර සංඛ්‍යා අඩු කිරීමට එරට පාර්ලිමේන්තුව තීරණය කළ අතර ඒ හරහා වසර දහයක් තුළදී යූරෝ මිලියන 1000 ක් ඉතිරි කර ගැනීම අරමුණයි. මීට අමතරව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා දීමනා අඩු කිරීමටද පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමි වී තිබේ.

UN

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි