×

ඉතියෝපියාවේ ‘ටිග්‍රේ’ ප්‍රදේශයට මානුෂීය ආධාර සැපයුම් අඛණ්ඩවම – එක්සත් ජාතීන්ගේ සංවිධානය.

‘ටිග්‍රේ’ ගැටුම යනු ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය තුළ ආරම්භ වූ සන්නද්ධ ගැටුමකි. ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ හා ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය අතර මෙම සන්නද්ධ ගැටුම ඇතිව තිබේ. 2021 වසරේ ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබී අහමඩ් ඉතියෝපියානු මහජන විප්ලවවාදී ප්‍රජාතත්ත්‍රවාදී පෙරමුණේ ජන වාර්ගික හා කලාපීය පක්ෂ ඒකාබද්ධ කරනු ලැබිය. මින් පෙර රට තුළ පැවතියේ දේශපාලනික, ජනවාර්ගික, ෆෙඩරල්වාදය හා තනි ජනවාර්ගික […]


‘ටිග්‍රේ’ ගැටුම යනු ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය තුළ ආරම්භ වූ සන්නද්ධ ගැටුමකි. ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ හා ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය අතර මෙම සන්නද්ධ ගැටුම ඇතිව තිබේ.
2021 වසරේ ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබී අහමඩ් ඉතියෝපියානු මහජන විප්ලවවාදී ප්‍රජාතත්ත්‍රවාදී පෙරමුණේ ජන වාර්ගික හා කලාපීය පක්ෂ ඒකාබද්ධ කරනු ලැබිය. මින් පෙර රට තුළ පැවතියේ දේශපාලනික, ජනවාර්ගික, ෆෙඩරල්වාදය හා තනි ජනවාර්ගික කණ්ඩායම්වලට කලාපීය බලපෑමක් ලබා දුන් බලය බෙදා ගැනීමේ ක්‍රමයකි. එමෙන් ම ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ විසින් 2020 සැප්තැම්බර් මාසයේ දී ටයිග්‍රේහි ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්වීය. එය ෆෙඩරල් රජයට පටහැනි බැවින් රජය විසින් ටිග්‍රේ මැතිවරණය නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. මේ හේතුවත් සමඟ ඉතියෝපියාවේ ජාතික ආරක්ෂක බලකායේ උතුරු අණ දෙන මූලස්ථානයට ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් තත්වය තව දුරටත් ප්‍රචණ්ඩ විය. අබී අහමඩ් විසින් රටේ දේශපානය සිවරූපය වෙනස් කිරීමට ගත් උත්සහයේ ප්‍රතිඵලක් වශයෙන් මෙම ගැටුම ඇති විය.

මෙම ගැටුම හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 650 පමණ මිය යන්නට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දේ. මේ හේතුවෙන් අවතැන් වූ ටිග්‍රේ වැසියන් වෙනුවෙන් මානුෂික ආධාර අඛණ්ඩවම සිදුවන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA)විසින් ඊයේ (12) දින නිකුත් කරන ලද උතුරු ඉතියෝපියානු මානුෂීය යාවත්කාලීන වාර්තාවේ සඳහන් වේ.
අප්‍රේල් 1 සිට ජූනි 6 දක්වා අන්තර් කාලය තුළ මානුෂීය රථ පෙළ 18ක් හරහා ටිග්‍රේ කලාපයේ අගනුවර වන Mekelle වෙත ආහාර මෙට්‍රික් ටොන් 65,500 ලබා දී ඇත. ඉන් අවම වශයෙන් ආහාර මෙට්‍රික් ටොන් 14,700 ක් ජුනි 1 වනදා වන විට කලාපයේ 907,000 කට වැඩි පිරිසක් වෙත බෙදා දී ඇත. මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉතියෝපියානු අග නගරය වන Addis Ababaහි සිට Mekelle දක්වා ගුවනින් මෙම ආධාර ගෙන යන බවයි.

උතුරු ඉතියෝපියාවේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සමස්ත මෙහෙයුම් පරිසරය තුළ අත්‍යාවශ්‍ය සේවා හා ක්‍රියාකාරී වෙළඳ පොළවල් නොමැතිවීම හේතුවෙන් ටිග්‍රේ වෙත ප්‍රමාණවත් සැපයුම්, ඉන්ධන සහ මුදල් ගෙන ඒමට ඇති නොහැකියාව, හේතුවෙන් ප්‍රද්ගලයන්ට එයට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ සීමා සහිත බව කියැවේ. හේ කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ දත්ත වලට අනුව 2022 වසර තුළ උතුරු ඉතියෝපියාවේ මිලියන 9කට වැඩි පිරිසකට ආහාර හා ආධාර අවශ්‍ය බව පැවසේ.

මේ වන විට පොහොර සහ බීජ නොමැතිකම හේතුවෙන් ටයිග්‍රේ සහ අනෙකුත් බලපෑමට ලක් වූ ප්‍රදේශවල එළඹෙන රෝපණ සමය ප්‍රතිඵල දායක නොවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය වැඩිදුරටත් තොරතුරු දක්වයි. ඒ අනුව මේ වන විට අප්‍රිකානු කලාපයේ සමහර ප්‍රදේශවලට බලපා ඇති නියඟය ටිග්‍රේ ප්‍රදේශයට පැමිණි විට එම කලාපයේ මානුෂීය තත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි