×

ඉන්දියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

ඉන්දියාවේ පළමු කොරෝනා නොහොත් කොවිඩ් - 19 මරණය කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.


ඉන්දියාවේ පළමු කොරෝනා නොහොත් කොවිඩ් – 19 මරණය කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

මෙහිදී මරණයට පත්ව තිබෙන්නේ 76 හැවිරිදි පුද්ගලයෙකි.

නියුමෝනියාව, ආතතිය සහ ඇදුම රෝගවලින් බරපතළ තත්වයෙන් රෝහල් ගත කළ ඔහු, කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඔහු රෝහල්ගත වීමට පෙර සහ ඔහුගේ මරණයට පෙර ඔහු සමග සමීපව සිටි අය සහ ස්ථානයන් නිරෝධායනය කිරීම ආරම්භ කර ඇති බව ද ඉන්දීය සෞඛ්‍ය සේවාවන් ප්‍රකාශ කරයි.

මෙම තැනැත්තා මෙයට මද කලකට පෙර සෞදි අරාබියේ සිට ඉන්දියාව බලා පැමිණි අයෙකු බව ද තවදුරටත් වාර්තා වේ.

මෙම මරණය සිදුව තිබෙන්නේ මෙයට දින 2කට පෙර ය. කෙසේ නමුත් ඊයේ දිනය වන තෙක්ම කර්ණාටක සෞඛ්‍ය බලධාරීන් පවසමින් සිටියේ ඔහුගේ මරණයට හේතුව කොරෝනා නොවන බවයි.

කෙසේ නමුත් මෙය කොරෝනා මරණයක් බව සනාථ කිරීමට ප්‍රමාද වූයේ එය වෛද්‍යාගාර වාර්තාවලින් සනාථ කිරීමට අදාළ කාලය අවශ්‍ය වූ නිසා බව ද ඉන්දියාව පවසයි.

විදේශිකයන් ගැන අනියත බියක් එපා!

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කළ පුද්ගලයන් 74 දෙනෙකු පිළිබඳ වාර්තා වේ. ඒ අතරින් 17 දෙනෙකු විදේශිකයන් වන අතර, එයින් වැඩිම පිරිසක්, එනම් 14 දෙනෙක් වාර්තා වන්නේ හර්යානා ප්‍රාන්තයෙනි. විදේශිකයන් සහ සංචාරකයන් පිළිබඳ අනියත බියක් මේ වන විට ලංකාව තුළ ද ඇතිව තිබේ. නමුත් හරියානා ප්‍රාන්තයෙන් වාර්තා වූ සියලු කොරෝනා ආසාදිතයන් විදේශිකයන් වන විට, එම ප්‍රාන්තයෙන් කිසිදු ඉන්දීය ජාතිකයෙකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී නොමැත.

ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන සෙසු ප්‍රාන්ත වන්නේ කේරළ, උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි.

Cover Photo: a representation



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි