×

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඡන්ද සටනට තව දින කිහිපයයි

ඉදිරි මාසය තුළ, ඉන්දීය ප්‍රාන්ත පහක මැතිවරණ පැවැත්වෙන නමුත්, සියලු දෙනාගේ අවධානය උත්තර් ප්‍රදේශ්හි ප්‍රධාන සටන් බිම වෙත යොමු වී තිබේ.


සාමාන්‍යයෙන් UP යන මුලකුරු වලින් හඳුන්වන මෙම ප්‍රාන්තය ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ වන අතර ඇස්තමේන්තුගත මිලියන 240 ක ජනතාවක් වේ. සැබවින්ම එය වෙනම රටක් වූයේ නම්, චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පසුව පකිස්ථානයට හෝ බ්‍රසීලයට වඩා විශාල ජනගහනයෙන් ලෝකයේ පස්වන විශාලතම රාජ්‍ය වනු ඇත.එහි ජනගහණය එතරම්ම අතිවිශාලය.

ප්‍රාන්තය විසින් වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එනම් මන්ත්‍රිවරු 80 ක් ඉන්දීය පාර්ලිමේන්තුවට යවන අතර බොහෝ විට ප්‍රාන්තය ජයග්‍රහණය කරන පක්ෂය රට පාලනය කරන බව බොහෝ දෙනා කියයි. ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු ඇතුළු අගමැතිවරු කිහිප දෙනෙක් මෙහි සිට ජාතික නායකත්වයට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම ප්‍රාන්තයේ දී ඔහුගේ භාරතීය ජනතා පක්ෂය (BJP) පසුගිය මහ මැතිවරණ දෙකේදීම ජයග්‍රහණය කිරීමේ ගෞරවය පහසුවෙන් හිමිකර ගන්නට විය.2014 දී එම පක්ෂයට මෙහි ආසන 71ක් හිමි විය. 2019 දී එය 62 ක් ලබා ගත්තේය.

1990 ගණන්වල අග භාගයේ සිට ප්‍රාන්ත දේශපාලනය ප්‍රාදේශීය සමාජවාදි පක්ෂය සහ බහුජන සමාජ පක්ෂය (BSP) විසින් ආධිපත්‍යය දැරීය. එම පක්ෂ ද්විත්වය මාරුවෙන් මාරුවට බලයට පත් වූ විට, ප්‍රධාන පක්ෂ වන කොන්ග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය අන්තයට තල්ලු විය.

එහෙත් 2017 දී, භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත සභා ආසන 403 න් 312 ක් සහ එනම් ඡන්දවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් හිමි කර ගනිමින්, අගමැති මෝදිගේ ජනප්‍රියත්ව මත විශාල බහුතරයක් දිනා ගත්තේය. එවකට මැතිවරණයෙන් බෙදුම්වාදී අදහස් ඇති හින්දු පුජකයෙකු වන දේශපාලනඥයෙකු වූ යෝගී ආදිත්‍යනාත් මහ ඇමති ලෙස තෝරා ගත් අතර මෙවරද ඔහු සිය ජයග්‍රහණය බලාපොරොත්තු වේ. ඔහුට සහාය දක්වන අගමැති මෝදි මෑත මාස කිහිපය තුළ ප්‍රාන්තයට අවස්ථා රැසකදි සංචාර සිදු කර ඇති අතර, රැස්වීම් අමතමින් සහ භාරතීය ජනතා පක්ෂයට තවත් අවස්ථාවක් ලබා දෙන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලීම් කරන්නට විය.

කෙසේ වෙතත්, පසුගිය වසර තුළ, මතභේදාත්මක ගැටලුවක් වූ නව කෘෂිකාර්මික නීති, ගොවීන්ගේ වසරක විරෝධතා මාලාව සහ පසුගිය වසරේ ප්‍රාන්ත රජය විසින් Covid-19 වසංගතය සම්බන්ධ සිදු කල වගකීම් විරහිත හැසිරවීම සම්බන්ධයෙන් පක්ෂයට ග්‍රාමිය මට්ටම අහිමි විමේ තත්වයක් ඇතිව තිබේ.

කොවිඩ් වසංගතය අතරතුර නොමිලේ සලාක ලබා දීම ගැන රජය ඇගයීමට ලක් වුවද, තරුණ තරුණියන් ගේ රැකියා හිඟය සහ උද්ධමනය පිළිබදව පවතින්නේ දැඩි නොසතුටක්. නමුත් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී, 49 හැවිරිදි පුජක ආදිත්‍යනාත් ප්‍රකාශ කළේ තමන් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බවත්, ආර්ථිකය නංවාලීම සහ ප්‍රාන්තයේ නීතිය හා සාමය වැඩිදියුණු කළ බවත්ය. ඔහු හින්දු ඡන්ද දිනා ගැනීම සඳහා මුස්ලිම් විරෝධී වාර්ගික අදහස් දැඩිව භාවිතා කරයි.

ආදිත්‍යනාත් ප්‍රධාන අභියෝගකරුවා වන්නේ 2017 දී භාරතීය ජනතා පක්ෂය විසින් නෙරපා හරින ලද හිටපු මහ ඇමතිවරයෙකු වන 48 හැවිරිදි අඛිලේෂ් යාදෙව් විසින් නායකත්වය දෙන සමාජවාදී පක්ෂයයි. යාදව් මෙවර මැතිවරනයෙදි භාරතීය ජනතා පක්ෂයෙන් බලය උදුරා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින අතර, ඔහු බලයට පත් වුවහොත් සියලු නිවාසවලට නොමිලේ විදුලිය, දුප්පත් කාන්තාවන්ට විශ්‍රාම වැටුප් සහ ගොවීන්ට පොලී රහිත ණය ලබා දෙන බවට පොරොන්දු වී ඇත. ඔහු කුඩා ප්‍රාදේශීය පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගත වීමෙන් පසු ඔහු වටා නව ඡන්ද දායකයින් රැසක් එක්ව සිටි.

දාලිත් කුලය නියෝජනය කරන මායාවතීගේ නායකත්වයෙන් යුත් බීඑස්පී පක්ෂයද නැවත පැමිණීමක් අපේක්ෂා කරන නමුත් බොහෝ දෙනෙක් ඇය දැන් විවේචනය කරයි. 2012 දී බලය අහිමි වූවත් සිව් වතාවක් ප්‍රාන්ත මහ ඇමතිවරිය වූ මායාවති ඇගේ කුල ප්‍රජාව අතර අතිශය ජනප්‍රියයි. නමුත් ඇයගේ පෙරපාලන කාලය තුළ ඇය විසින් දාලිත් පරම්පරවෙන් නියෝජනය කල ක්‍රියාකාරිකයන්ගේ ප්‍රතිමා ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වියදම් කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. දැන් දශකයක් තිස්සේ බලය නොමැතිව සිටින, ඇයට මෙවරද ඉහළ ප්‍රමුඛතාවක් හිමි වි නොමැත.

කුඩා පක්ෂ රාශියක් ද තරඟයේ සිටින අතර ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය ද මෙම මැතිවරණයට තරඟ කරයි. ප්‍රියංකා ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රසය ඇයගේ ජවසම්පන්න ප්‍රචාරණ ව්‍යාපාරය තුල වැඩි අවධානයක් දිනා ගෙන ඇත.ස්ත්‍රී දූෂණයට ලක් වූවන්ගේ පවුල් සහ පොලිස් සාහසික ක්‍රියා මාර්ගයන්ගෙන් බැට කෑ බොහෝ පවුල් වල අවදානය ඇයට යොමු වි ඇත. ඇය ඒ පිලිබඳව නිරතුරුවම සඳහන් කරයි.කාන්තා ඡන්ද දායකයින් කෙරෙහි ඇයගේ අවධානය යොමු වී ඇත. නමුත් ඇයගේ ප්‍රචාරක ව්‍යාපාරයට බිම් මටට්මේ සහයෝගයක් නොමැතිකම අවාසියකි.

විශාලත්වය සහ ජනගහන සංඛ්‍යාව නිසා උත්තර් ප්‍රදේශ් තීරණාත්මක මැතිවරණ යුධ පිටියකි. ඒ වගේම තරග කරන පක්ෂවලට මේ මැතිවරණ දැඩි වෙහෙසකාරි සටනක්. 1989 න් පසු කිසිදු පක්ෂයක් මෙහි දෙවන ධූර කාලයක් පිට පිට ජයග්‍රහණය කර නැත, එබැවින් භාරතීය ජනතා පක්ෂය සහ ආදිත්‍යනාත්ට මෙවර මැතිවරණය ඉතා තීරනාත්මකය.

මැතිවරණ ප්‍රතිඵලය ඔහුගේ හින්දු ජාතිකවාදී දේශපාලනය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස ද සැලකේ. 2024 ඉන්දිය මහ මැතිවරණයට පෙර UP හෙවත් උත්තර් ප්‍රදේශ් පුර්ව අත්හදා බැලීමක් ලෙස සලකන බැවින් මෝදිටද මෙම මැතිවරණය වැදගත් වන අතර භාරතීය ජනතා පක්ෂය මෙහිදි පරාජය වුවහොත් එය පක්ෂයේ සහ අගමැතිවරයාගේ පිරිහීමේ සලකුණක් ලෙස සනාථ කෙරෙනු ඇත.

UP ඉන්දියාවේ ඌණ සංවර්ධිත ප්‍රාන්තවලින් එකක් වන අතර රටේ විශාලම දුප්පතුන්ගේ නිවහන ද වේ.මෑතකදී නිකුත් කරන ලද ප්‍රථම බහුමානනීය දරිද්‍රතා දර්ශකයට (multidimensional poverty index) අනුව, ප්‍රාන්තයේ ජනගහනයෙන් 37.79%ක් දරිද්‍රතාවයේ ජීවත් වන අතර, 44%කට වඩා වැඩි පිරිසක් පෝෂණයෙන් තොර වන අතර මිලියන ගණනකට තවමත් වැසිකිළි සඳහා ප්‍රවේශයක් ඉදි කර නොමැත.

ඡන්දදායකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති එකම මාර්ගය ඔවුන්ගේ ඡන්දයයි. මැතිවරණ වලදී ඔවුන් එය භාවිතා කිරීමට විශාල උනන්දුවක් දක්වයි. මිලියන 150කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන 174,351කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර, මාසයක් පුරා පැවැත්වෙන ඡන්ද විමසීමේ අදියර හත තුළදී, මැතිවරණය නිදහස් හා සාධාරණ බව සහතික කිරීම සඳහා දහස් ගණන් පොලිස් සහ පැරාමිලිටරි භටයන් යොදවා ඇත.ඡන්ද ගණන් කිරීම මාර්තු 10 දිනට යෙදි තිබේ.

ඡන්දයට නියමිත දිනයන් ලෙස පෙබරවාරි10 : ආසන 58 ක, පෙබරවාරි 14: ආසන 55 ක, පෙබරවාරි20: ආසන 59 ක,පෙබරවාරි23: ආසන 59 ක,පෙබරවාරි27: ආසන 61 ක,මාර්තු 3: ආසන 57 ක සහ මාර්තු 7: ආසන 54 ක ඡන්දය පැවැත්වේ.

බීබීසී වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි