×

ඉන්දියාවේ කළු දිලීර මරණ ගණන 4300 පනියි

ඉන්දියාවේ කෝවිඩ්-19 රෝගීන් ඉලක්ක කරගෙන පැතිර යන බව පෙනී ගිය කළු දිලීර හෙවත් මියුකෝමයිකෝසිස් රෝගයෙන් මරණ 4300 කට වඩා සිදුව ඇති බව අනාවරණය වේ.


මෙම දුලබ, නමුත් භයානක ආසාදනයේ ගොදුරු බවට පත් වූ 45,000 කට අධික පිරිසක් ද ඉන්දියාවේ වෙසෙති.

කෝවිඩ් වැළඳී සුව වී දවස් 12-18 ත් අතර කාලයකට පසුව ඔවුහු කළු දිලීර රෝගයට ගොදුරු වෙති.

එම දිලීරය ඔවුන්ගේ ඇස්, නාසා ඉලක්ක කරන අතර, ඇතැම් අවස්ථාවලදී මොළය ද අඩපණ කරයි. රෝහල්ගත ව සිටින බොහෝ රෝගීන් ප්‍රතිකාර ලබාගන්නේ සිය ඇස්වල ඇතිව තිබෙන ආබාධවලට ය.

Mata Ambar Tripati, 65, who lost his eye due to Mucormycosis, also known as black fungus, gestures after a doctor’s examined him at hospital in Ghaziabad on the outskirts of New Delhi, India June 27, 2021. Picture taken June 27, 2021. REUTERS/Adnan Abidi

ආසාදිතයන්ගෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

වෛද්‍යවරුන් පවසන්නේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර කිරීමේදී ලබාදෙන ස්ටෙරොයිඩ ඖෂධ හේතුවෙන් මෙම රෝගය වැළඳීමේ අවදානම ඉහළ යා හැකි බවයි. මේ දක්වා මෙයට ප්‍රතිකාරය ලෙස සොයාගෙන තිබෙන්නේ දිලීරනාශක එන්නතක් පමණි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රාන්ත මෙම වසංගතයෙන් කබලෙන් ලිපට වැටී තිබේ. මරණ 4300 අතරින් 1,785 ක්ම වාර්තා වන්නේ මෙම ප්‍රාන්තවලිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි