×

ඉන්දියාවේ කොරෝනා එන්නත් සාදන සීරම් සමාගම ගිනි ගනියි!

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන The Serum Institute of India සමාගම පූනේහි අක්කර 100කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇත.


 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව වැඩිදියුණු කෙරෙන කොරෝනා වෛරසයට එරෙහි කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් සමාගමට අයත් පූනේ ප්‍රදේශයෙකි පිහිටි ගොඩනැඟිල්ලක විශාල ගින්නක් හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන The Serum Institute of India සමාගම පූනේහි අක්කර 100කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇත.

එරට මාධ්‍ය වලට අනුව ගින්න ඇති වී ඇත්තේ ඉදිකරමින් පවතින ගොඩනැඟිල්ලකිනි. ගින්න මැඬපැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් සීරම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආදාර් පූනවාලා ප්‍රකාශ කර ඇත්තේ ගින්නට මැදිව සිටින පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි