×

ඉන්දියාවේ කොරෝනා මර්දනයට ඇමරිකාවේ පූර්ණ සහාය – ට්‍රම්ප් සමග දුරකථන සංවාදයෙන් පසු මෝදි කියයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත්‍රිියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දීර්ඝ දුරකථන සංවාදය යෙදීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්නේ, ඇමරිකාව ඉන්දියාවේ කොරෝනා මර්දන සටනට පූර්ණ සහයෝගය පළ කිරීමට කැමති වූ බවයි.


“Had an extensive telephone conversation with President @realDonaldTrump. We had a good discussion, and agreed to deploy the full strength of the India-US partnership to fight Covid-19,” යනුවෙන් ට්විටර් සටහනක් එක් කරමින් මෝදි ප්‍රකාශ කළේය.

මෙම සංවාදය සිදුවන්නේ මෙම රටවල් දෙකම කොරෝනා වසංගතයේ අධි අවදානමට මුහුණ දී සිටියදී ය.

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න වෙමින් පවතින අතර මරණ ගණන 7,100 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අතින් ඇමරිකාව මේ වනවිට ඉතාලිය, ස්පාඤ්ඤය මෙන්ම චීනය ද පරදවා තිබේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,072 ක් වන අතර, මරණ ගණ 75 කි.

වයස අවුරුදු 21-40 අයටත් රෝගය වැළඳිලා!

මේ වන විට ඉන්දියාවේ වයස අවුරුදු 21ත් 40 ත් අතර කාණ්ඩයෙන් ද රෝගීන් වාර්තා වේ. ඒ බව සොයාගැනුණේ ජනවාරි 30 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ සියලු රෝගීන්ගේ වයස් අඩංගු තොරතුරු ඉන්දීය රජය විසින් ප්‍රසිද්ධ කිරීමත් සමග ය.

මාර්තු 24 වැනිදා නරේන්ද්‍ර මෝදි දින 21 ක ලොක්ඩවුන් තත්වයක් ඉන්දියාවේ බිලියන 1.3 ක් වන ජනතාව සඳහා ප්‍රකාශයට පත් කළේය. මේ වන විට ඇතැම් ප්‍රාන්ත, එම ලොක්ඩවුන් කාලපරිච්ඡේදය දීර්ඝ කිරීම ගැන ද සලකා බලමින් සිටියි.

කඩිනම් කොවිඩ්-19 පරීක්ෂාවන්ට ඉන්දියාව අවතීර්ණ වෙයි

අද වන විට මෝදි රජය වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙන්නේ rapid testing හෙවත් කඩින් කොරෝනා වෛරස් පරීක්ෂාවන් දීප ව්‍යාප්ත කිරීම සඳහා ය. Covid-19 rapid testing guidelinesහෙවත් රැපිඩ් ටෙස්ටින් සඳහා වූ මාර්ගෝපදේශන අද දිනය හෝ හෙට දිනය ඇතුළත එළිදැක්වීමට ඔවුන් සූදානම් බව ද පැවසේ.

පසුගිය පෙබරවාරියේ ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු මෝදි සහ ට්‍රම්ප් අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් වී තිබෙන අතර, මේ අසීරු අවස්ථාවේදී ඇමරිකාවේ සහාය වසංගත මර්දනය සඳහා යොදාගැනීමට මෝදි අපේක්ෂා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි