×

ඉන්දියාවේ කොරෝනා වසංගතය පුපුරා යාවිද?

ලෝකයේ ලෙකුම ලොක්ඩවුන් වීමට ලක්ව සිටින ඉන්දියාව, මේ වන විට කොරෝනා වෛරස් ආසාදන 1500 කඩඉම පසුකර තිබේ.


නමුත් ඉන්දීය විද්‍යාඥයන් දිගින් දිගටම අනතුරු අඟවන්නේ රෝග පරීක්ෂාව සුබල නොවීම හේතුවෙන් සත්‍ය සංඛ්‍යාලේඛන මීට වඩා බෙහෙවින් ඉහළ තත්වයක පැවතිය හැකි බවයි.

මෙය සැබවින්ම ලංකාවේ ද තත්වය විය හැකිය.

මේ අතර, තවමත් මිලියන ගණනක් සංක්‍රමණික කම්කරුවෝ සිය ගම්බිම් බලා පයින්ම යාමේ විශාල අරගලයකට පිවිස සිටිති. ඒ අතරින් මීට පෙර අප විසින් වාර්තා කළ අන්දමට විසි දෙනෙකුට අධික පිරිසක් අධික විඩාව හා පමණ ඉක්මවා පයින් ඇවිදීම නිසා අතරමගදී මරණයට ද පත්ව ඇත.

ප්‍රජා සම්ප්‍රේෂණය සහ ඉස්ලාම් පර්ෂදවලට පොලිස් කඩාවැදීම්

Police cordon off the Nizamuddin area of Delhi on Wednesday after several members of an Islamic congregation tested positive for coronavirus. Amarjeet Kumar Singh-SOPA Images-Rex-Shutterstock

Police cordon off the Nizamuddin area of Delhi on Wednesday after several members of an Islamic congregation tested positive for coronavirus. Amarjeet Kumar Singh-SOPA Images-Rex-Shutterstock

මේ අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර නිසාමුදීන් ප්‍රදේශය හදිසි පොලිස් වැටලීමකට ලක් කෙරුණේ, එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග ය.

මෙහිදී සිදුව තිබෙන්නේ මාර්තු 13 වැනිදා, තබිග්ලි ජමාත් නමැති ඉස්ලාම් පර්ෂදය විසින් රටේ පැතිර යන අවදානම නොතකා දින දෙකක මුස්ලිම් සම්මේලනයක් පැවැත්වීමයි. එහිදී රටේ විවිධ පළාත්වලින් 3500 කට ආසන්න පිරිසක් එහි ඇදී ආ අතර, 2000 කට ආසන්න පිරිසක් දින 2 ක් මුළුල්ලේ ඒ අවට නේවාසිකව ද සිට ඇත. අවසානයේ සිදුවූයේ දකුණුදිග නවදිල්ලියේ පිහිටා ඇති මෙම නිසාමුදීන් ප්‍රදේශය ඉන්දියාවේ කොරෝනා වසංගතයේ හොට්ස්පොට් එකක් බවට පත් වීමයි.

විශේෂයෙන්ම, පසුගිය සතියේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මරණ 50 ක් වාර්තා වූයේ ද මෙම ප්‍රදේශයෙනි. හින්දු ආගමික කලහකාරීන් පොලු මුගුරු අතැතිව මුස්ලිම් වැසියන්ට පහරදීමට වීදි වල ඇවිදිමින් සිටින අයුරු ද පසුගිය සමයේ දැකගත හැකි විය.

මේ අනුව, මුස්ලිම් ජාතිකයන් කොරෝනා රෝගයේ වාහකයන් බවට පත්ව ඇතැයි මතයක් සමාජගත වීම තුළ ඉන්දියාවේ මුස්ලිම් විරෝධී මතය ජනගත වීමේ අනතුරුදායක ප්‍රවණතාවක් ද මේ වනවිට ඇති වෙමින් තිබේ.

රෝගයේ භයානක 3 වන අදියර වන community transmission හෙවත් ප්‍රජාවන් අතර රෝගය සම්ප්‍රේෂණය වීම පිළිබඳ ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද මේ මොහොත වන විට පවතින්නේ සැක සහිත තත්වයකි. ප්‍රමාණවත් දත්ත නොමැති වීම මේ සම්බන්ධයෙන් පවතින විශාලතම අඩුපාඩුවයි.

ස්වයං නිරෝධායනය විහිළුවක් වන හැඩ

දුර්වල සනීපාරක්ෂක පහසුකම් යටතේ කුඩා අවකාශවල කොටු වී සිටින පැල්පත් වාසීන් ද ඇතුළ මිලියන ගණනක් දෙනා සම්බන්ධයෙන් ඉන්දියාවේදී, ස්වයං නිරෝධනය විහිළු කතාවක් බවට ද පත්වෙමින් තිබේ.

සුසුකි මරුටි අඩපණ වෙයි

ඉන්දියාවේ බොහෝ ව්‍යාපාර ද මේ වන විට මුළුමනින්ම අඩපණ වී ඇත. ඉන්දියාවේ මගී ප්‍රවාහන මෝටර් රථ කර්මාන්තයේ විශාලතම කොටස්කරුවා වන සුප්‍රකට සුසුකි මරුති ව්‍යාපාරය එයින් එකකි. එම සමාගම විසින් 2020 මාර්තු මාසය තුළ පමණක් සුසුකි මරුටි වාහන 76,976 ක් විකුණා ඇත. (එය පසුගිය වසරේ මාර්තු මාසයේ සිදුකළ විකිණුම් ප්‍රමාණයට වඩා 47.9%ක අඩුවීමකි). කෙසේ නමුත් ගතවූ සති 2 ඇතුළත කිසිදු වාහනයක් අලෙවි කිරීමට එම සමාගම සමත් වී නැත.

ලොකුම අභියෝගය අනියත බියයි.

මේ අතර ඉන්දියාවේ සෞඛ්‍යය පිළිබඳ යුනියන් අමාත්‍යවරයා වන ආචාර්ය හර්ෂ් වර්ධන් වැදගත් නිරීක්ෂණයක් සිදු කරයි. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු අවධාරණය කරන්නේ ඉන්දියාවට පවතින ලොකුම අභියෝගය වනු ඇත්තේ කොවිඩ්-19 සම්බන්ධයෙන් පවතින අනියත බිය පාලනය කිරීම බවයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ඉදිරි සති 2 තීරණාත්මක බව කියා ඇත.

කඩිනම් රෝග පරීක්ෂාව අත්‍යාවශ්‍යයි

අද දින ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි විසින්, ඉන්දියාවේ කොරෝනා අර්බුදය විවේචනය කරමින් කියා සිටියේ, රට තුළ කිසිදු විකල්ප හෝ ප්‍රමාණවත් කොරෝනා පරීක්ෂාවක් නොමැති වීම බරපතළ ගැටළුවක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි