×

ඉන්දියාවේ කොවිඩ්19 ආසාදිතයින් වාර්තා වීම යළිත් ඉහළට!

පසුගිය සතිය තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආසාදිතයින් 81%ක් පමණ වර්ධනය වීම ඊට හේතුව වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.


ඉන්දියාවේ දෛනික කොවිඩ් 19 ආසාදිතයින් ගණන අඛණ්ඩ ව සිව්වන දිනටත් යළි ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සදහන් කරයි. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 14,264 ක් වාර්තා වී ඇත.

මේ වන විට එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 10,991,651ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ දෛනිකව කොවිඩ් මරණ 90 ක් පමණ සිදුවන අතර මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 156,302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සතිය තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආසාදිතයින් 81%ක් පමණ වර්ධනය වීම ඊට හේතුව වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. එම ප්‍රාන්තයෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රාශියක් හඳුනාගෙන තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි