×

ඉන්දියාවේ ගොවි සටන් ඇරඹීමේ අවදානමක් ?

එක් දුරකතන ඇමතුමකින් ගොවියන් සියලු දෙනාම එකතු කළ හැකි බවත්, අඩක් දිනා ඇති සටන අඛණ්ඩව ගෙන යාමට ඔවුන් සූදානම් බවත් BBC වාර්තා කර තිබේ.


තම ජීවන පදනමේ මුදුන් මුල වෙත, මෝඩි රජය එල්ල කර ඇති ප්‍රහාරයෙන් ඉදිරී වැටීමට ඉන්දීය ගොවීන් සූදානම් නැත. මේ වෙනුවෙන් ගොවි නායකයින් අද ( ජුලි 3 වැනි) දින රැස්වීමක් කැඳවා ඇත. මෙම රැස්වීම දිල්ලි අසල ගාසියාබාද් නගරයේ පැවැත්වීමට නියමිත වන අතර විරෝධතාවලට නායකත්වය දුන් රාකේෂ් ටිකයිට් ඇතුළු ප්‍රමුඛ ගොවි නායකයින් සහභාගී වනු ඇත. එක් දුරකතන ඇමතුමකින් ගොවියන් සියලු දෙනාම එකතු කළ හැකි බවත්, අඩක් දිනා ඇති සටන අඛණ්ඩව ගෙන යාමට ඔවුන් සූදානම් බවත් BBC වාර්තා කර තිබේ.

ගොවි නිෂ්පාදන විකිණීම, මිල නියම කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති රීති ලිහිල් කරන නීති තුනක් රජය විසින් හඳුන්වා දීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ගේ ගේරෝධතා ආරම්භ වූයේ 2020 නොවැම්බර් මාසයේදීය. එතැන් සිට විවිධ ගොවි උද්ඝෝෂණ ඇරඹි අතර රජය විසින් ඒවා මර්දනය කිරීමේ ප්‍රතිථලයක් ලෙස ගොවියන් කිහිප දෙනෙකුද මිය ගොස් ඇත.

ප්‍රධාන භෝග සඳහා සහතික මිල ඇතුළු ඔවුන්ගේ අනෙකුත් ඉල්ලීම් සඳහා රජය එකඟ වීමෙන් අනතුරුව මුල් අවස්ථාවේ උද්ඝෝෂණ නිමා වුවද ඉන් මාස හතක් ගතවී ඇතත් රජය තවමත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර නැත.

බොහෝ ඉන්දියානු ගොවීන් දැනට තම නිෂ්පාදන රජය විසින් පාලනය කරනු ලබන තොග වෙලඳපොලවල හෝ මැන්ඩි වල සහතික කළ බිම් මිලට විකුණන ලදි. ගොවියන් රජයේ නව නීති දකින්නේ පුද්ගලික සමාගම්වලට තම ඉරණම තීරණය කිරීමට ඉඩ දෙන උත්සාහයක් ලෙසට යි. විරෝධතාකරුවන්ගේ ලොකුම කනස්සල්ලක් වූයේ නව නීති මගින් ගොවීන් තරඟකාරී වෙළඳ රටාවකට යොමු කිරීමයි.කොන්ත්‍රාත් පදනමට වගා කළහොත්, තමාට අවශ්‍ය දේ ඒ අයුරින් ම සමාගම් හරහා නොලැබිය හැකි බව ගොවීන් පවසනවා. සමාගම්වල නිර්ණායක සහ ඉලක්ක තෘප්තිමත් කිරීමට නොහැකි වීම හමුවේ සූරාකෑමට ලක් විය හැකි බව ගොවීන්ගේ විශ්වාසය යි.

ධාන්‍ය වර්ග, මාෂ බෝග, අර්තාපල්, ළූණු, ආහාරයට ගත හැකි තෙල් බීජ සහ තෙල් වැනි ආහාර අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කරමින් ගෙන ආ අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ තෙවන පනතට අනුව වී ගොවිපළ ආශ්‍රිත ව්‍යාපාර සඳහා පුද්ගලික අංශය ආකර්ෂණය වනු ඇති බව රජය අපේක්ෂා කරනවා. පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීමෙන් කෘෂි නිෂ්පාදන අපතේ යාම අවම කොට තරඟකාරී වෙළඳපොළක් ඇති කිරීමත් මෙහි අරමුණු අතර තිබෙනවා.ව්‍යාපාරවල දී අවම පිරිවැයකින් වැඩි ලාභ උපයන නිසා අවම පහසුකම් යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ කෘෂි නිෂ්පාදන සැපයීමේ දී ගැටලුකාරී වන ඔබ ගොවියන් මෙහිදී පෙන්වා දේ.

ගොවි ඉල්ලීම් අතර උද්ඝෝෂණ අතරතුර මියගිය ගොවීන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම, වී පිදුරු ගිනි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි අපරාධ නඩු ඉවත් කිරීම සහ විරෝධතා දැක්වීම සඳහා ඔවුන්ට එරෙහිව පවරා ඇති අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීම ඇතුළත් වේ. ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අනිල් විජ් BBC පැවසුවේ උද්ඝෝෂණයේදී නඩු 272 ක් ලියාපදිංචි කර ඇති අතර ඉන් 82 ක් ඉල්ලා අස්කරගෙන ඇති බව ඔහු පැවසීය.

ඉන්දීය ගොවීන් ඒ රටේ බිලියන 1.3ක් පමණ වන ජනතාව පෝෂණය කරති. මෙම ගොවි සටන් වලට උරදෙන සමස්ත ගොවියන් සංඛ්‍යාව ලක්ෂ 03 පමණ වේ. එහි ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවන් බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව අද දිනය ඔවුනට තීරණාත්මක දිනයක් වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි