×

ඉන්දියාවේ ටුවිටර් තහනමක් ?

මැයි මාසය වන විට ට්විටර් මාධ්‍ය ජාලය  ඉන්දියාවේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.


ඉන්දීය නීතිවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ චෝදනාව මත ටුවිටර් වෙනුවෙන් කර්නාටක ප්‍රාන්තයේ මහාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව BBC ආරංචි මාර්ග පවසා තිබේ. රජයේ නියෝග වලට එරෙහිව ඉන්දීය නීතිය වෙනුවෙන් අභියෝග එල්ල කිරීම මෙම පෙත්සම් වලට හේතු වී තිබේ.

ඉන්දියාවේ මිලියන 24 කට පිරිසක් ටුවිටර් මාධ්‍ය භාවිතා කරන අතර රජය විසින් මේ සම්බන්ධව ජුනි මාසයේදී ට්විටර් වෙත අනතුරු අඟවා ඇති අතර ඉන්දියාවේ තොරතුරු තාක්‍ෂණ නීතියට යටත්ව රජයට “රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වන” සහ මහජන සාමය අවහිර නොකර ලෙස මාධ්‍ය ක්‍රියාත්මක වීම අපේක්ෂා කෙරේ.

පෙත්සම ගොනුකර අවසානයේ ෆෙඩරල් අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම විදේශීය අන්තර්ජාල වේදිකා ඉන්දියානු නීතිවලට අනුකූල විය යුතු බවයි. නීතියට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම අපරාධ වෙනුවෙන් තුඩු දිය හැකි බැවින් මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබූ බවයි.


පසුගිය කාලයේ රජයට එරෙහිව සිදු වූ මහජන නැගීසිටීම් කිහිපයකදී රජය මහජන සාමය මත පදනම් වූ විරෝධතා උපුටා දක්වමින් රජයේ නීතිමය දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ගිණුම් 250 ක් පමණ කෙටියෙන් අවහිර කළේය. අත්හිටුවීම දිගටම කරගෙන යාමට “ප්‍රමාණවත් නොවන සාධාරණීකරණයක්” සඳහන් කරමින් ට්විටර් පැය හයකින් ගිණුම් යථා තත්ත්වයට පත් කළේය.ටුවිටර් මේ සම්බන්ධයෙන් නිවේදනය කර අත්තේ මෙම ක්‍රියාමාර්ග වලින් අධික බලය භාවිතා කිරීම පෙන්නුම් කරන බවයි. ඒ අනුව  මැයි මාසය වන විට ට්විටර් මාධ්‍ය ජාලය  ඉන්දියාවේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි