×

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසදිතයින්ගේ අඩුවක් – හාර ලක්ෂය ඉක්මවූ දෛනික ආසාදිතයින් දෙලක්ෂ දක්වා අඩු වෙයි

මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් 19 ආසදිතයින්ගේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ. 


ගෙවුණු මාසයකට වැඩි කාලයක් දෛනිකව කොවිඩ් 19 ආසාදිතයින් 400,000 සීමාව පසුකරගෙන ගිය අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 208,921 කි.

කෙසේවෙතත් සමස්ත ආසාදිතයින් මිලියන 27 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 27,157,795ක් ලෙසයි දැක්වෙන්නේ.

දෛනික ආසදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කළද මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙනුම් නොකරන අතර ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවේ කොවිඩ් මරණ 4,157 ක් සිදුව තිබේ. ඒ සමඟ සමස්ත කොවිඩ් 19 මරණ 311,388ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ දිනය වන විට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි එන්නත් මිලියන 20කට ලබා දී තිබේ.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි