×

ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

මෙම බොහෝ මරණ සිදුවී ඇත්තේ දියේ ගිලීමෙන් වන අතර අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතී.


උතුරු ඉන්දියාවේ කාන්පූර් නගරයේ ඝතම්පූර් හි හින්දු බැතිමතුන් 40 දෙනෙකු පමණ රැගත් ලොරියක් පොකුණකට පෙරලීමෙන් 26 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. මිය ගිය පිරිස අතර බහුතර දෙනා කාන්තාවන් හා දරුවන් බව කාන්පූර්හි පොලිස් අධිකාරී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සිදු වූ අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.

මෙම බොහෝ මරණ සිදුවී ඇත්තේ දියේ ගිලීමෙන් වන අතර අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතී.

මෙම අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර උත්තර් ප්‍රදේශ්හි අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් මගී ප්‍රවාහනය සඳහා ලොරි රථ භාවිතා කිරීම අධෛර්යමත් කර ඇත. ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා සහ භාණ්ඩ මාරු කිරීමට මිස මිනිසුන් ප්‍රවාහනය කිරීමට භාවිත නොකළ යුතු බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි