×

ඉන්දියාවේ මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී 10ක් මරු​ට

ඉන්දියාවේ මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ "බිවන්දි" නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමයින් හත්දෙනෙක් ඇතුළුව 10 දෙනෙක් මියගොස් තිබේ.


ඉන්දියාවේ මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ “බිවන්දි” නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමයින් හත්දෙනෙක් ඇතුළුව 10 දෙනෙක් මියගොස් තිබේ.

සුන්බුන් අතර සිරවී සිටි 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කර තිබේ.

එමෙන්ම 25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවට ද වාර්තා වේ.
මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ අළුයම 4.30 පමණයි. අතුරුදන් වූවන් සොයා තවදුරටත් පරීක්ෂාකිරීම් සිදුවේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි