×

ඉන්දියාවේ හිස ඔසවන සිකා

මීට කිසිදු ප්‍රතිකාරයක් නොමැති බැවින්, එකම විකල්පය වන්නේ මදුරු දෂ්ට කිරීමේ අවදානම අවම කිරීමයි.


ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි දිස්ත්‍රික්කයක ළමුන් 17 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 89 දෙනෙකු සිකා වෛරසය සඳහා ගොදුරු වී ඇති බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇත.

කාන්පූර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය නේපාල් සිං විදෙස් පුවත් සේවයට පැවසුවේ උත්තර් ප්‍රදේශ් හි අදාළ දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

ඉන්දියාව 2017 දී ගුජරාට් ප්‍රාන්තයෙන් පළමුවරට තහවුරු කරන ලද සීකා වෛරස් රෝගීන් වාර්තා කළේය.මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා දරුවන්ගේ මොළය හැකිලීම සහ Guillain-Barre syndrome නම් ඉතා දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයට ලක් වේ.

නමුත් වෛරසය බොහෝ දුරට මදුරුවන්ගෙන් පැතිර ගියද එය ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිය.මෙය පළමු වරට උත්තර් ප්‍රදේශ් හි වෛරසය හඳුනා ගැනීමයි. කාන්පූර් නගරයේ පළමු සිදු වීම පසුගිය ඔක්තෝබර් 23 වන දින අනාවරණය වූ අතර එතැන් සිට රෝගීන් වැඩිවෙමින් පවතින බව ප්‍රාන්ත සෞඛ්‍ය නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පැවසීය.ගොදුරු වූවන් අතර, ගර්භනී කාන්තාවක් ද වේ.රෝගය පැතිරීම පාලනය කිරීමට ප්‍රාන්ත බලධාරීන් විශේෂ කණ්ඩායම් පිහිටුවා තිබේ.

1947 දී උගන්ඩාවේ වඳුරන් තුළ මෙම වෛරසය මුලින්ම හඳුනා ගන්නා ලදී. 1954 දී නයිජීරියාවේ පළමු වරට මිනිසෙකුට ආසාදනය වීමේ සිද්ධිය අනාවරණය වූ අතර අප්‍රිකාව, අග්නිදිග ආසියාව සහ පැසිෆික් දූපත් වල තවදුරටත් පැතිරී යන්නට විය.නමුත් 2015 මැයි මාසයේදී එය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එය වේගයෙන් ව්‍යාප්ත විය.

මීට කිසිදු ප්‍රතිකාරයක් නොමැති බැවින්, එකම විකල්පය වන්නේ මදුරු දෂ්ට කිරීමේ අවදානම අවම කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි