×

ඉන්දියාවේ HIV ඖෂධ හිගයක්

ඉන්දියාවෙහි මිලියන 2.3 ක් පමණ HIV සමඟ ජීවත්වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් HIV ව්‍යාප්තව ඇති  ලොව තුන්වන විශාලතම රටයි. 


ඉන්දියාවෙහි මිලියන 2.3 ක් පමණ HIV සමඟ ජීවත්වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් HIV ව්‍යාප්තව ඇති  ලොව තුන්වන විශාලතම රටයි.

HIV සමඟ ජීවත්වන සංඛ්‍යාව ඉහළ යාමට සාපේක්ෂව රට 2004 දී ප්‍රති-වෛරස් නාශක ඖෂධ නොමිලේ සැපයීම ආරම්භ කරනු ලැබීය. මුලින් පළමු පෙළ ප්‍රතිකාර සඳහා සහ පසුව වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් විශාල විය. රට පුරා ඇති ප්‍රති-ප්‍රතිවෛරස් ප්‍රතිකාර (ART) මධ්‍යස්ථාන හරහා රජය විසින් නොමිලේ ලබා දෙන ඖෂධ මත යැපෙන ඉන්දියානුවන් සංඛ්‍යාව බහුතරයකි. අත්‍යවශ්‍ය HIV ඖෂධවල බරපතල හිඟයක් පවතින බවට ක්‍රියාකාරීන් චෝදනා කරන අතර ටෙන්ඩරය ප්‍රමාද වී නිකුත් කිරීම නිසා වත්මන් බාධාව ඇති වූ බව කියැවේ.

ඊයෙ (14)දිනයේ ක්‍රියාකාරීන් පිරිසක් ටෙන්ඩර් නිකුත් කිරීම මගින් ඖෂධ  ලබා ගන්නා ෆෙඩරල් ඒජන්සිය වන ජාතික ඒඩ්ස් පාලන සංවිධානයේ (Naco) දිල්ලි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිනු ලැබීය. HIV ආසාදනයට ප්‍රතිකාර කිරීමට Naco නිර්දේශ කර ඇති Dolutegravir 50mg ඇතුළු අත්‍යාවශය ඖෂධ ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය – Naco විසින් මෙම චොදනාවන් සියල්ල ප්‍රතික්ෂප කර තිබේ.

මෙම ඖෂධ දිනපතා ගත යුතු වන අතර විශේෂඥයන් පවසන්නේ ප්‍රතිකාර බාධාවකින් පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය ඉහළ යාම, HIV සම්ප්‍රේෂණ අවදානම සහ ඖෂධ ප්‍රතිරෝධය ඉහළ යාම සහ ක්ෂය රෝගය වැනි ද්විතියික ආසාදනවලට ඔවුන් වඩාත් ගොදුරු විය හැකි බවයි.

පෞද්ගලික වෛද්‍ය සාප්පුවල ඖෂධ තිබුණත් බොහෝ දෙනෙකුට ඒවා මිල දී ගැනීමට හැකියාවක් නොමැත.

ආචාර්ය ගිලාඩා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ පසුගිය දශක කිහිපය තුළ එච්.අයි.වී මර්දනය සඳහා ඉන්දියාව බොහෝ දුරක් පැමිණි අතර එය ඉන්දියාව නොවන්නට ගෝලීය තත්වය ද නරක අතට හැරෙනු ඇති බවයි. එමෙන්ම අපි බොහෝ දේ හොඳින් කර ඇති අතර නමුත් අපට බොහෝ දේ හොඳින් කළ යුතු හෙයින් ඖෂධ සඳහා ප්‍රවේශය නිවරැදි හා ක්‍රමවත් විය යුතු බව දක්වයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි