×

ඉන්දියාව අසීරු අඩියක – නවදිල්ලිය සතියකට ලොක්ඩවුන්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සතියක කාලයක් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.


ඒ, එරට අගනුවර ඉතා සීග්‍රයෙන් නැවත කොවිඩ් 19 වෛරසයේ ග්‍රහණයට නතුවීම හේතුවෙනි.

ඒ අනුව අද සිට සතියක කාලයක් අගනුවර වසා තැබෙන අතර අගනුවර සහ සෙසු ප්‍රදේශ අතර ගමනාගමන කටයුතු ඇතුළු සබඳතා අත්හිටුවා තිබෙනවා.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා, සෞඛ්‍ය බළධාරීන් සමග අද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පවත්නා තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

නවදිල්ලි අගනුවර වසා දැමීමට තීරණය කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන තමිල්නාඩු ප්‍රාන්තය තුළ හෙට (20) සිට රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ.

ගත වූ අවසන් පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 273,810 ක් වාර්තා වී තිබෙන අතර එය පිට පිටම දෛනික ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවූ පස්වැනි දිනයයි.

අවසන් පැය 24 තුළදී එරටින් කොවිඩ් මරණ 1,619 ක්ද වාර්තා වී තිබේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි