×

ඉන්දියාව කොරෝනා ආසාදිතයින් මිලියන 04 ඉක්මවයි. ඊයේ දවසට පමණක් ආසාදිතයින් 90,000ක්

මෙතෙක්  ඉන්දියාව තුළ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන හමු වී තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ඊයේ (05) දිනයේදී පමණක් ඉන්දියාව තුළ නව ආසාදිතයින් 90,600 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්. 


මෙතෙක්  ඉන්දියාව තුළ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන හමු වී තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ඊයේ (05) දිනයේදී පමණක් ඉන්දියාව තුළ නව ආසාදිතයින් 90,600 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.

පසුගිය සිකුරාදා දින එනම් 04 වැනිදා කොරෝනා ආසාදිතයින් 86,432ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් මිලියන 04 ඉක්මවා තිබෙන අතර එය දැක්වෙන්නේ 4,023,179 ක් ලෙස. තවත් මිලියන 3.1ක් පමණ සුවය ලබා ඇති බවත් මරණ 70,626ක් සිදුව ඇති බවත් වාර්තා වෙනවා.

ඇමරිකා  එක්සත් ජනපදය හා බ්‍රසීලයට පසු තුන්වෙනිව වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

නව අසාදිතයින්ගේ සංඛ්‍යාවත් සමඟ ඉන්දියාව තුළද පාලනයකින් තොරව වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි වාර්තාවන්හි දැක්වෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි