×

ඉන්දියාව කොවිඩ් එන්නත බිලියනය පසු කරයි

මේ වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාව සිය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ දා සිට කොවිඩ් එන්නත්කරණය බිලියනය ඉක්මවයි.


එම තතවය දින 278 කින් සාක්ෂාත් කර ගැනිමට ඉන්දියාව සමත් වූ අතර, පළමු එන්නත ජනවාරි 16 දා ලබා දෙන ලදී.

එරට සුදුසුකම් ලත් ජනගහනයෙන් 30% ක් (මිලියන 291 ක්) පමණ එය මුළුමනින්ම එන්නත් කර ඇති අතර මිලියන 707 ක් පළමු මාත්‍රාව ලබා ඇත. 2021 අවසානය වන විට බිලියනයකට පමණ මිනිසුන්ට පූර්ණ එන්නත ලබා දීම ඉන්දියාවේ අරමුණ වන නමුත් ප්‍රවීණයන් පවසන්නේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රමවේදය තවදුරටත් වේගවත් කළ යුතු බවයි.

මේ සමඟ ඉන්දියාව බිලියනය ඉක්මවන දෙවන රට බවට පත් කරයි. චීනය ජුනි මාසයේදී සිය බිලියනයන ඉකමවන්නට විය. දින 278 න් දින බිලියනය ඉක්මවා යාම යනු ඉන්දියාව සාමාන්‍යයෙන් දිනකට මාත්‍රා මිලියන 3.6 ක් ලබා දීමයි.

කෙසේ වෙතත්, ජනවාරියේ සිට සෑම දිනකම නියම කළ මාත්‍රාවන් ගණන ස්ථාවර නොවූ අතර, විවිධ තත්වයන් යටතේ වෙනස්විය. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගීන් මිලියන 34 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වේ.

2021 අවසානය වන විට සුදුසුකම් ලත් සියලුම වැඩිහිටියන් සඳහා පූර්ණ එන්නත ලබා දීම සඳහා රටට දිනකට මාත්‍රා මිලියන 12 කට වඩා ලබා දිය යුතු බව විශේෂඥයෝ ගණන් බලා ඇත. ඊසානදිග ඉන්දියාවේ කඳුකර ප්‍රදේශ වල දුෂ්කර ගම්මාන වලට ඩ්‍රෝන මඟින් එන්නත් ලබා දීම ද රට ආරම්භ කර තිබේ.

අන්දමන් සහ නිකොබාර් හි නැගෙනහිර දූපත් සමූහයට මාත්‍රාවන් ගෙනයාම සඳහා ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරන අතර එහිදී “බෝට්ටුවෙන් ප්‍රවාහනය” දිගු කාලයක් ගත වේ. රජය ඩ්‍රෝන් භාවිතා කරන අතර එමඟින් කිලෝග්‍රෑම් 4.5 ක් හෝ උපරිම මාත්‍රාවන් 900 ක් දරා ගත හැකි අතර අවම වශයෙන් කිලෝමීටර් 70 ක් (සැතපුම් 43 ක්) පියාසර කර මාත්‍රාවන් රැගෙන යා හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි