×

ඉන්දියාව Ola Electric Mobility නැවත ගෙන්වයි

ඉන්දියාව පුරු බෙදා හැරී Ola Electric Mobility යතුරු පැදි නැවත ගෙන්වා ගැනීමට එම සාමගම පසුගියදා කටයුතු කලා. ඒ බොහෝ පාරිභෝගිකයන් විසින් ඝෘජුව හා සමාජ මධ්‍ය ඔස්සේ යතුරු පැදිය සම්බන්ධව සිදු කල පැමිණිලි හේතුවෙන්.


මෙය ස්කුටර් වර්ගයට අයත් වන අතර, විද්‍යුත්යෙන් ධාවනය කෙරේ. එය ජපන් ආයෝජනයකි.එම ස්කුටර් ඉන්දියාව තුලදීම එකලස් කිරීමේ වැඩ බොහෝමයක් රොබෝවරුන් විසින් සිදු කරනු ලබන අතර, අක්කර 500ක් පුරැ පැතිර පවතින කර්මාන්තශාලාවකි.

එහි දැනට 1,700 ත් 1,800 ත් අතර සංඛ්‍යාවක් සිටින කාර්ය මණ්ඩලයෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වේ. Ola Electric විසින් 2021 අගෝස්තු මාසයේදී නැවත නැතත් ආරෝපණය කළ හැකි බැටරි වලින් බල ගැන්වෙන යතුරු පැදි මාදිලියක් ලෙස S1 සහ S1 Pro වර්ගය වෙළද පොලට මුදාහරින ලදී.

එම වසරේ දෙසැම්බර් මාසයේ පළමු බෙදාහැරීම සිදු කළ බැවින් සමහර පාරිභෝගිකයින් තාක්ෂණික ගැටළු පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පැමිණිලි කර ඇති අතර මෙම සතිය මුලදී සමාගමට එහි විශේෂිත කණ්ඩායමක් මගින් ස්කූටර් 1,441 ක් ආපසු කැඳවීමට තීරණය කර තිබේ.

පසුගිය මාර්තු 26 වන දින පූනේහි දී, එක් පාරිභෝගිකයෙකුගේ යතුරු පැදියක් නවතා දැමීමෙන් පසු ගිනි ගැනීමත් සමඟ මේ තත්වය කඩිනම් විය.

පසුගිය වසරේ ඉන්දියාවට දැරිය හැකි මිලකට විදුලි ස්කූටර පැමිණීම නිතර යතුරු පැදි භාවිතා කරන්නන්ට සහ රජයටද පහසුදායි විය.

මෙම සමාගමට ගිගාවොට් පැය 20 ක බලයක් ගබඩා කළ හැකි EV බැටරි නිෂ්පාදනය කිරීම පිලිබඳව රාජ්‍ය සහාය ලැබීමට නියිමිත අතර,තෙල් ආනයන පිරිවැය අඩු කිරීමට ඉන්දිය රජය ගනු ලබන තවත් එක් පියවරකට එය දායකත්වය සපයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි