×

ඉන්දීය ක්‍රිකට් සභාපති ගංගුලිටත් කොරෝනා!

කොල්කටා නගරයේ රෝහලකට ගංගුලි ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙනවා.


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි මහතා රෝහල්ගත කර තිබෙනවා.

ඒ ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

කොල්කටා නගරයේ රෝහලකට ගංගුලි ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙනවා.

49 හැවිරිදි වියේ පසුවන ගංගුලි මීට පෙරද අවස්ථා දෙකකදී රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි