×

ඉන්දීය හිටපු මළල ක්‍රීඩා ශූර මිල්කා සිං කොවිඩ් නිසා දිවියට සමු දෙයි

හිටපු ඉන්දීය මළල ක්‍රීඩා ශූරයෙකු වන මිල්කා සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 91 හැවිරිදි‍ වියේ පසු වූ ඔහු මියගොස් තිබෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙනි.


විශේෂත්වය වන්නේ ඔහුගේ බිරිඳගේ නිර්මාල් මිල්කා සිංගේ අභාවයෙන් දින පහකට පසුව මිල්කා සිං ද සිය ජීවන සහකාරිය සොයා මෙලොවින් සමුගෙන යාමයි.

මීට මාසයකට පෙර මැයි 20 වැනිදා මිල්කා සිං කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අතර ඉන් අනතුරුව ඔහු මැයි 24 වන දින මොහාලි නරගයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ තත්වය අසාධ්‍ය වීම හේතුවෙන් නැවතත් ජුනි 03 වැනිදා නේරු රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

පසුගිය 17 වැනිදා සිදුකළ පරීක්ෂණයේදී ඔහුගේ ශරීරයේ තවදුරටත් වෛරසය නොමැති බව තහවුරු කරගෙන තිබූ නමුත් වෙනත් රෝග ලක්ෂණ හේතුවෙන් තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිල්කා සිංගේ පුත්‍ ජීව මිල්කා සිං මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ අද සිය පියා දිවියෙන් සමුගත් බවයි.

1958 වසරේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ යාර 440 ශූරයා වූ මිල්කා සිං 1958 සහ 65 වසරවලදී ආසියානු තරගාවලිවලදී රන් පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් විය. ඒ මීටර් 200, මීටර් 400 සහ මීටර් 400 සහාය ඉසව්වලිනි. 1956,60,64 යන වසරවලදී ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලි සඳහාද සහභාගි විය.

 

සික් ජාතිකයෙකු වන Flying Sikh නමින් හැඳින්වූ මිල්කා සිං ඉන්දීය මළල ක්‍රීඩා පිටියේ පුරාවෘත්තයක් සේ සැළකේ.

UN | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි