×

ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ දෙවන ධූරකාලයද ජය ගනී!

පසුගිය දා පැවති ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේ එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජනාධිපති අපේක්ෂක ප්‍රබෝවෝ සුබියන්තෝ පරාජය කරමින් දෙවන ධූර කාලයක් සඳහා ජයග්‍රහණය කරන ලදී. මැතිවරණ ප්‍රතිඵල අද (21) දින නිකුත් වන ලදී. ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම් සභාවට අනුව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ දෙවන වරට ද ජයග්‍රහණය කර එරට ජනාධිපති බවට පත්වී ඇත. පසුගිය මස ජන්ද විමසුමේ අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් […]


පසුගිය දා පැවති ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේ එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජනාධිපති අපේක්ෂක ප්‍රබෝවෝ සුබියන්තෝ පරාජය කරමින් දෙවන ධූර කාලයක් සඳහා ජයග්‍රහණය කරන ලදී.

මැතිවරණ ප්‍රතිඵල අද (21) දින නිකුත් වන ලදී.

ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම් සභාවට අනුව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ දෙවන වරට ද ජයග්‍රහණය කර එරට ජනාධිපති බවට පත්වී ඇත. පසුගිය මස ජන්ද විමසුමේ අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් විපක්ෂ වල විරෝධතාව මතු වීමට පැය කිහිපයකට පෙර මෙම නිවේදනය නිකුත් කරන ලදී.

ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ මැයි මස 22 වන බදාදා දින වුවද, ජනාධිපති අපේක්ෂක ප්‍රබෝවෝ ගේ අභියෝගාත්මක ප්‍රකාශ සමඟ රට තුළ නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට අඟහරුවාදා (21) දින උදෑසන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කරන ලදී.  

විඩෝඩෝ (බොහෝවිට අමතන්නේ ජෝකෝවි නාමයෙනි) සහ ඔහුගේ සහය උප ජනාධිපති අපේක්ෂක මා‘රුෆ් අමින් අප්‍රේල් 17 වන දින පැවති මැතිවරණයෙන් 55.5% ක ප්‍රතිශතයක ජයක් ලබා බලය තහවුරු කර ගත් බව ඉන්දුනීසියානු මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.

2014 වර්ෂයේදී විඩෝඩෝ පළමුවර ඉන්දූනිසියානු ජනාධිපතිවරණයෙන් ජය ගන්නා ලදී.

එමඟින් ඔවුහු 44.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ප්‍රතිවාදී අපේක්ෂක ප්‍රබාවෝ සහ සැන්ඩියාගා උනෝ පරාජය කළහ.

ජනාධිපතිවරණයේ ප්‍රතඵල මැයි 21 වන දින ප්‍රකාශ වූ පරිද්දෙන් වහා ක්‍රියාත්මක වන පරිදි පාලන බලය හිමිවේ යැයි ඉන්දුනීසියානු මැතිවරණ කොමිසන් සභාවේ සභාපති අරීෆ් බුදිමාන් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ප්‍රබෝවෝ ගේ ප්‍රචාරක කණ්ඩායම් සහ ප්‍රමුඛ විපක්ෂය නිකුත් වූ නිල ඡන්ද ප්‍රතිඵල තහවුරු කිරීම පතික්ෂේප කරන ලදී.

“මෙම සිදුවූ අසාධාරණය, රැවටීම, මුදාවාද සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අප හෙලා දකිනවා, අප මෙය අත හරින්නේ නැහැ, ” යනුවෙන් ප්‍රබෝවෝ ගේ ප්‍රචාරක කණ්ඩායම රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

අද දින පස්වරුවේ ප්‍රබෝවෝගේ ප්‍රචාරක කණ්ඩායමේ නිලධාරියකු වන සුෆ්මි ඩාස්කෝ ප්‍රකාශ කර සිටියේ තම ජනාධිපති අපේක්ෂක නිකුත් වූ මෙම ප්‍රතිඵල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන බවයි.

නිල ප්‍රතිඵල වලට පෙර පවා බොහෝ දෙනෙකුගේ විග්‍රහය වූයේ 57 හැවිරිදි විඩෝඩෝ නැවතත් ඉන්දුනීසියාවේ ජනාධිපති වනු ඇති බවයි. කෙසේවෙතත් 67 හැවිරිදි ප්‍රතිවාදී ප්‍රබෝවෝ ප්‍රකාශ කර සිටියේ ඡන්ද ගණනය තුළ අක්‍රමිකතා හා වංචනික ක්‍රියා සිදුව ඇති බවටත්, ඉදිරියේදී ලොව විශාලතම ඉස්ලාම්  රාජ්‍යය පුරා මේ පිළිබඳව හෙලිදරව් කරන බවය.

කෙසේවූවද, 2014 වර්ෂයේදී පළමු වරට විඩෝඩෝ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට පත්වූයේ ප්‍රතිවාදී ප්‍රබෝවෝ පහසුවෙන් පරාජයට පත් කරමිනි. එවකට අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් ද ප්‍රබෝවෝ පරාජයට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි