×

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාව අසල මුහුදේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් මාපාංක 6.9 ක් ලෙසයි සටහන් වන්නේ.


ඉන්දුනීසියාව අසල මුහුදේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් මාපාංක 6.9 ක් ලෙසයි සටහන් වන්නේ.

සුලවෙසි දිවයිනට කිලෝමීටර් 220 ක් දකුණින් කිලෝමීටර් 600 ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය සුනාමි අනතුරක් ඇතිවීමට තරම් විශාල එකක් නොවන බවද වාර්තා වේ. මෙම භූකම්පනය හෙතුවෙන් ජීවිත හානි හෝ දේපල හානි පිළිබඳව හෝ මෙතෙක් වාර්තා වී නොමැත.

මීට පෙර පසුගිය බදාදා ද ඉන්දුනීසියානු මුහුදේ භූකම්පනයක් සිදු වූ අතර එහි ප්‍රභලත්වය සටහන්ව තිබුණේ 6.8 ක් ලෙසයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි