ඉන්දුනීසියාවේ මාකසාර්හි කතෝලික පල්ලි අසලදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පොලීසිය පැවසුවේ, දෙව්මැදුරට ඇතුළු වීම වැළැක්වූ පල්ලියේ කාර්යය මණ්ඩල හා සේවය කල නිලධාරින් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉන්දුනීසියාවේ මාකසාර්හි කතෝලික පල්ලි අසලදි සිදු කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසයි.පාස්කු පළමු ඉරිදා මෙසේ පල්ලියට ඇතුළු වීමට ප්‍රහාරකයින් දෙදෙනෙකු උත්සාහ කිරීමත් සමඟ පිපිරීමක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.පිපුරුමෙන් විනාශ වූ යතුරුපැදියක් සහ ශරීර කොටස් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර පොලීසිය පැවසුවේ ප්‍රහාරකයින් දෙදෙනා මියගොස් ඇති බවයි.සටන්කාමී ඉස්ලාම්වාදීන් මිට පෙරත් කතොලික පල්ලිවලට පහර දී ඇති නමුත් මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස එවැනි කණ්ඩායමක් සිටින බවට මෙතෙක් තහවුරු වි නොමැත.ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මෙම ප්‍රහාරය “ත්‍රස්ත ක්‍රියාවක්” ලෙස හෙළා දුටු අතර වගකිවයුත්තන් පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබේ.පූජනීය ස්ථානවල ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස ආගමික කටයුතු අමාත්‍ය යාකුත් චොලිල් කෞමාස් පොලිසියෙන් ඉල්ලා සිටි.ප්‍රහාරකයා යතුරුපැදියෙන් පැමිණ පල්ලියට ඇතුළු වීමට උත්සාහ ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, දෙව්මැදුරට ඇතුළු වීම වැළැක්වූ පල්ලියේ කාර්යය මණ්ඩල හා සේවය කල නිලධාරින් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.(බි බි සි වෙතින්)