×

ඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රිය වේ.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමේරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශ කළහ.


අවට ගම්මාන සුන්බුන්වලින් වැසී ඇති බවත්, ඝන දුමාරය නිසා හිරු එළිය ආවරණය වී තිබේ. එරට ලුමාජැන්ග් දිස්ත්‍රික්කයේ පිළිස්සුම් වලින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 41 ක් ලෙස මේ වන විට ගණන් බලා තිබේ.

පිපිරීම දේශීය වේලාවෙන් 14:30 ට (07:30 GMT) සිදු විය. ආවාටයේ සිට කිලෝමීටර 5ක් (සැතපුම් 3ක්) ඇතුළත සීමා සහිත ආරක්ෂිත කලාපයක් ලෙස මේ වන විට නම් කර තිබේ.අළු වලාකුළක් මීටර් 15,000 (අඩි 50,000) දක්වා ඉහළ යන බවට ගුවන් සමාගම්වලට මේ වන විටත් අනතුරු අඟවා ඇත.

ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පිහිටි ගිනිකඳු අළු උපදේශක මධ්‍යස්ථානය (The Volcanic Ash Advisory Center-VAAC) පැවසුවේ ගිනි කන්දේ අළු එම කඳු මුදුනෙන් වෙන් වී ඉන්දියන් සාගරයට ඉහළින් නිරිත දෙසට ගසාගෙන යන බවයි.

VAAC ආයතනය අනතුරුදායක ගිනිකඳු අළුවල පිහිටීම සහ චලනය පිළිබඳව ගුවන් සේවා කර්මාන්තයට උපදෙස් සපයන ජාත්‍යන්තර ආයතනයකි.

ගිනි කදු අලු මගින් ගුවන් යානා එන්ජින්වල සිසිල් කොටස් මත ඝනීභවනය වන අළු , යානයේ ප්‍රවාහනයට බාධා කළ හැකි අතර, එන්ජින් ඇනහිටීමට හෝ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වීමට හේතු විය හැකිය.

එය ගුවන් නියමුවන්ගේ දෘශ්‍යතාවට ද බලපාන අතර යානා මැදිරියේ වායුමය ගුණාත්මක භාවයට ද බලපෑම් කළ හැකිය.

සෙමේරු කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 3,676ක් ඉහළින් පිහිටි අතර මීට පෙර පසුගිය දෙසැම්බරයේ එය පුපුරා ගොස් දහස් ගණනකට සිය පදිංචිය වෙනස් කිරීමට සිදුවිය.

ඉන්දුනීසියාව පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇති අතර එහිදී මහාද්වීපික භු තැටි හමු වන නිසා නිරන්තර ගිනිකඳු සහ භූ කම්පන වලට ලක්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි