×

ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය වෙත මීට සුළු මොහොතකට පෙර රොකට් ප්‍රහාර අවම වශයෙන් 2ක් එල්ල වී තිබේ.


මෙම රොකට් ප්‍රහාර තානාපති කාර්යාලය අසලටම පතිත වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ, අතිශය ඇමරිකානු විරෝධී හිස්බුල්ලා සංවිධානයක් වන Kataeb Hezbollah විසින්, ඉරාකය පුරා විසිරී සිටින ඇමරිකානු හවුල් යුධ කඳවුරුවලින් ඉරාක හමුදාවට ඉවත් වන ලෙස අනතුරු අඟවා සුළු වේලාවකට පසු ය.

මෙය, ඉරාන ජනරාල්වරයාගේ ඝාතනයට කාතෙබ් හිස්බුල්ලා සංවිධානය විසින් එදිරිවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමකි.

මෙම කාතෙබ් හිස්බුල්ලා සංවිධානය ඉරාන හිතවාදී මිලීෂියා කණ්ඩායමක් බව නොරහසකි.

මේ වන විට ඉරාක පාර්ලිමේන්තුව, ඉරාකය තුළ සිටින ඇමරිකානු හමුදා භටයන් රටෙන් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි