×

ඉරාණයේ සුප්‍රසිද්ධ කඳු නගින්නියක් වන එල්නාස් රෙකාබිගේ නිවස කඩා බිඳ දමයි

දකුණු කොරියාවේ පැවති තරඟයේදී හිජාබය නිසි ලෙස නොපැළඳීම හේතුවෙන් මෙලෙස ඇයගේ නිවස කඩා බිඳ දමා තිබේ.


ඉරාණයේ සුප්‍රසිද්ධ කඳු නගින්නියක් වන එල්නාස් රෙකාබිගේ නිවස කඩා බිඳ දමා ඇති බව අර්ධ නිල ප්‍රවෘත්ති ඒජන්සියක් වන Tasnim විසින් තහවුරු කර තිබේ.


දකුණු කොරියාවේ පැවති තරඟයේදී හිජාබය නිසි ලෙස නොපැළඳීම හේතුවෙන් මෙලෙස ඇයගේ නිවස කඩා බිඳ දමා තිබේ. මේ වන විට හිස් ආවරණයට එරෙහි විරෝධය ඉරානය පුරා අවුලවා ඇති අතර, දකුණු කොරියාවේ පැවති තරඟයෙන් පසු ටෙහෙරාන් ගුවන් තොටුපලේදී විශාල පිරිසක් ඇයව පිළිගනු ලැබූ අතර, එහිදී ඇය කළු බේස්බෝල් තොප්පියකින් සැරසී සිටිනු ලැබීය.


පසුදින ඇය ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූයේද එම ඇඳුමින්ම වන අතර බොහෝ දෙනා සැක පලකරන්නේ ඉරානයේ ජාතික ඔලිම්පික් කමිටු ගොඩනැගිල්ලේ කාමරයක සිවිල් ඇඳුමින් සැරසුණු නියෝජිතයන් සමඟ ඇය අමාත්‍යවරයා හමුවන තෙක් රඳවාගෙන සිටි බවයි.


ඉරානයට ආපසු යාමට පෙර දින ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණේ නොදැනුවත්වම මගේ හිස ආවරණය ගැලවී ගිය බවත්, සියල්ලන් කනස්සල්ලට පත් කිරීම කිරීම පිළිබඳ තමා සමාව අයැද සිටින බවත්ය. කෙසේ නමුත් නිල නොවන මුලාශ්‍ර සඳහන් කරන්නෙ එම ප්‍රකාශය නොකළහොත් ඇයගේ පවුලේ දේපළ පැහැර ගන්නා බවට බලධාරීන් තර්ජනය කළ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි