×

ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ – සැකය ඊශ්‍රායලය සහ ට්‍රම්ප් වෙතට

ඉරානයේ අංක එකේ න්‍යෂ්ටික විද්‍යාඥයා ලෙස සැලකුණු මොෂේන් ෆාක්රිසාදේ ඊයේ ඝාතනය කර තිබේ.


ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහනේ ‘මහමොළයක්‘ ලෙස ඔහු සැලකිණි.

ටෙහෙරානයේ නැගෙනහිරට වන්නට ඔහු ගමන් ගත් මෝටර් රථය ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් ඉදිරිපස වීදුරුව විනාශ වී තිබෙන ආකාරය ඡායාරූපවලින් දැක්විණි.

මෙය ඝාතනයක් සේ පෙනෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද පවසයි. ඉරානයේ ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හතාමි පවසන්නේ ෆාක්රිසාදේ ගමන් ගත් නිසාන් වර්ගයේ මෝටර් රථයට කිසිවෙකු විසින් වෙඩි තබා ඇති බවයි.

 

In this picture released by the official website of the office of the Iranian supreme leader, Mohsen Fakhrizadeh, right, sits in a meeting with Supreme Leader Ayatollah Ali Khamenei in Tehran, Iran, Jan. 23, 2019. Fakhrizadeh, an Iranian scientist that Israel alleged led the Islamic Republic’s military nuclear program until its disbanding in the early 2000s was killed in a targeted attack that saw gunmen use explosives and machine gun fire Friday Nov. 27, 2020, state television said. Two others are unidentified. (Office of the Iranian Supreme Leader via AP)

මොසාඩ් සංවිධානයට අවශ්‍ය කළ අයෙක්

‘මෙම ඝාතනයට ඊශ්‍රායලය සම්බන්ධ බවට බරපතළ සැකයක් තිබෙනවා. මෙය බියසුළු ක්‍රියාවක්..‘‘ යැයි ඉරානයේ විදේශ අමාත්‍ය සාරිෆ් පැවසුවේය. ඝාතනය කළ ෆාක්රිසාදේ ඉරානයේ කීර්තිමත්ම විද්‍යාඥයෙකු වූ බව ද ඔහු තවදුරටත් පැවසුවේය.

මේ අතර, ඉරානයේ රහස් මිලිටරි වැඩසටහනේ ප්‍රධානියා වූ මෙම විද්‍යාඥයා, මොසාඩ් සංවිධානය විසින් වසර ගණනක් තිස්සේ සොයමින් සිටි බව කියමින් ඉරාන මාධ්‍ය වේදියෙකු විසින් කළ ට්විටර් පණිවුඩයක් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රී ට්වීට් කර තිබෙන අන්දම ද දැකගන්නට ලැබුණි.

ට්‍රම්ප්ගේ සම්බන්ධයක්?

ඇමරිකාව ඊශ්‍රායලයේ මිතුරෙකු වීම සහ, ධුරයේ අවසන් සති කිහිපය ගත කරන අතරවාරයේ ට්‍රම්ප් විසින්, ඉරානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරවලට පහර දිය හැකි ‘විකල්පයක්‘ සොයමින් සිටි බවට ද මීට පෙර මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ වාර්තා ගණනාවක ම මෙම විද්‍යාඥයාගේ නම සඳහන් ව ඇති බව ද මේ අතර වාර්තා වේ.

මේ මරණය ඉඟි කරන්නේ ඉරානයේ සතුරන්ට,  මහ දවාලේ මහ පාරේදී වුවත් සිය ඉලක්කය ගත හැකි බවට පැහැදිලි පණිවුඩයක් යැයි මේ අතර CNN පුවත් සේවය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි