×

ඉරානය විසින් ඇමරිකානු නිලධාරීන් පිරිසක් අසාදු ලේඛණගත කරයි.

ඉරාන රජය විසින් MEK කණ්ඩායම කාන්තාවන් හා දරුවන් ඇතුළුව 17000කට ආසන්න ප්‍රමාණයක් මරා දමන ලද බව විශ්වාස කරයි. ඉරානය ප්‍රථම වරට එක්සත් ජනපද නිලධාරීන්ට සම්බාධක පැනවීමට පටන් ගත්තේ 2021 දී ය.


ඉරානයේ වැසියන් 17000 පමණ මරා දමන ලද ත්‍රස්ත කල්ලියකට ඇමරිකානු නිලධාරීන් පිරිසක් සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් අසාදු ලේඛණගත කර ඇති බව ඉරාන රජය විසින් නිවේදනය කර තිබේ.

Mojahedin-e Khalq (MEK) ලෙස හඳුන්වන මෙම ත්‍රස්ත කණ්ඩායම වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙනු ලැබූ ඇමරිකානු නිලධාරීන් 61ක ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලද ඉරාන විදේශ කටයුත් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව සිතා මතාම මෙම ත්‍රස්ත කණ්ඩායමට සහය ලබා දෙන බවයි. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ත්‍රස්ත කණ්ඩායම වෙනුවෙන් දේශපාලක හා ප්‍රචාරක සහය ඇමරිකානු නිලධාරීන් හරහා ලබා දෙන බවයි.
ඉරාන රජය විසින් MEK කණ්ඩායම කාන්තාවන් හා දරුවන් ඇතුළුව 17000කට ආසන්න ප්‍රමාණයක් මරා දමන ලද බව විශ්වාස කරයි.
ඉරානය ප්‍රථම වරට එක්සත් ජනපද නිලධාරීන්ට සම්බාධක පැනවීමට පටන් ගත්තේ 2021 දී ය. ප්‍රධාන ජෙනරාල් කසීම් සොලෙයිමානිගේ ඝාතනයට අණදීමේ සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පොම්පියෝ අසාදු ලේඛනගත කළේය. ඒ අනුව ත්‍රස්ත කණ්ඩායමකට සහයෝගය දැක්වීිම ඉරාන රජය සලකන්නේ මානව අයිතීන් කඩ කිරීමක් වශයෙනි.

1979 ඉරානයේ රාජවංශ පාලනය පහ කළ ඉරාන ස්ලාමීය විප්ලවයට සහය දෙනු ලැබූ (MEK)සංවිධානය මේ වන විට මැඩපැවැත්වීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගෙන තිබේ. ස්ලාමීය විප්ලවයෙන් අනතුරුව සිදුවූ බෝම්බ පිපිරීම් හා මනුෂ්‍ය ඝානත රැසක වගකීඹ මෙම සංවිධානය විසින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් (MEK)සිවිධානය ත්‍රස්ත සංවිධානයක් වශයෙන් පිළිගෙන තිබේ. පසුගිය දස වසර ත්ළ ඔහුන් ප්‍රචණ්ඩ ක්‍රියා නොකරන බවට දිවුරුම් දී ඇත. ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂය ප්‍රසිද්ධියේම ඉරාන රජයේ සංවර්ධනයන්ට සහයෝගය ලබා දෙන අතර (MEK)රැලි වලට සම්බන්ධව ඔවුන්ගේ සහයද ලබා දෙන ලදි. මෙම ත්‍රස්ත කණ්ඩායම වෙනුවෙන් යුරෝපා ජාතීන් කිහිප දෙනෙකු සහය දක්වන අතර ප්‍රංශය හා ස්වීඩනය ප්‍රධාන වේ.

2015 වසරේ දී ඉරානය විසින් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කළ විට ඇමරිකාව ඊට එරෙහිව දැඩි වාරණ නිකුත් කරනු ලැබීය. පසුගිය දා ජෝ බයිඩන්ගේ මැද පෙරදිග සංචාරයේදී ද ඔහු ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර කලාපීය වශයෙන් ඊට එරෙහිවන බවද ප්‍රකාශ කර තිබිණි. ඉරානය දිගු කලක සිට ලෙබනනයේ බලවත් හිස්බුල්ලා ව්‍යාපාරයට සහ ගාසා තීරයේ පලස්තීන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම්වලට අරමුදල්, පුහුණුව සහ ආයුධ සපයන බව එක්සත් ජනපදය දැඩිව විස්වාස කරයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි