×

ඉරාන ජනාධිපතිවරණයෙන් හිටපු අගවිනිසුරුට පැහැදිලි ජයක් – රවුහානි සුබපැතුම් පිරිනමයි

පසුගිය 18 වැනිදා පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් අගවිනිසුරු ඊබ්‍රාහිම් රයිසි ජයග්‍රහණය කර තිබෙනවා.


ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රයිසි ප්‍රකාශිත ඡන්දවලින් මිලියන 17.9 ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය 61.9% ක ප්‍රතිශතයකි.

ඔහු‍ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මොසේන් රේසි මිලියන ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3.4 කි. එය ආසන්න වශයෙන් 11.7% ක ප්‍රතිශතයකි.

ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමටත් පෙර වත්මන් ජනාධිපති හසන් රවුහානි, රයිසි හමු වී ඔහුගේ ජයග්‍රහණයට සුබපතා තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වූ නමුත් ‍බොහෝ දෙනෙකුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට එරට Guardian Council නමැති, ඉහළ ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් ආයතනය කටයුතු කර තිබිණි.

ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් අතර හිටපු ජනාධිපති මොහමඩ් අහමඩිනෙජාඩ්, වත්මන් උප ජනාධිපති එෂාක් ජහන්ගිරි, හිටපු උප ජනාධිපති මොහමඩ් ෂරීෆ් වැනි පුද්ගලයන් මෙන්ම වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද සිටී.

මෙම ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීම හරහා රයිසිගේ ජයග්‍රහණය පහසු කිරීමට Guardian Council කවුන්සිලයේ නායකයන් වක්‍රාකාරයෙන් උපකාර කර ඇති බවටද චෝදනා එල්ල වේ.

වත්මන් ජනාධිපති හසන් රවුහානි පිට පිට වාර දෙකක් ජනාධිපති ධුරය දැරීම හේතුවෙන් ඔහු මෙවර තරග වැදීමට සුදුස්සෙකු නොවීය.

මෙවර ජනාධිපතිවරණයේදී ඉරාන ජාතිකයන් බහුතරයක් ඡන්දය වර්ජනය කළ අතර ඒ අනුව ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 48.8% ක් පමණි.

ඒ අනුව ඊබ්‍රාහිම් රයිසි ජනාධිපති ධුරයට පත්වන්නේ රටේ ඡන්දදායකයන් බහුතරයකගේ විරෝධතාවය මතයි. එම තත්වය ඔහුගේ ජනාධිපති ධුර කාලය සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි